මැදියම පිපුණු කුසුමක් – 10

<<9 කොටස

ඒ රැයේ මගේ නින්ද විකාර රූපී සිහින රැසකින් පිරී ගියක් විය. විටෙක ලෝහමය සන්නාහයෙන් සැරසුණු රන් හිසකෙස් සහිත රුවක් එරික්ගේ ප්‍රතාපවත් උවන හා ඡේදනය විය. විටෙක මගේ මුහුණ ට එබී ප්‍රේමණීය බැල්මෙන් සිනාසෙන ඔහුම තවත් විටෙක පිසාච වේශයෙන් මුව දෙපසින් බේරී යන රුධිරය නැවත ඇඟිල්ලකින් ගෙන කෑදර කමින් මුව තුලට රුවා ක්‍රෑර ලෙස සිනා සුණේය.

ඒ මේ අත පෙරෙලමින් නොසන්සුන්ව රැය පහන් කල නිසාදෝ වෙනදා උදෑසන අවදි වෙද්දී තිබෙන ප්‍රබෝධය වෙනුවට මට දැනුනේ පාලු මුසල බවකි.

පෙරදා රැයේ සිදුවුයේ කුමක්ද? ඒ සැබවින්ම සිදු වුවක්ද? නැතිනම් සිහිනයක්ද? නැත. මගේ අතේ තුවාල එපරිදිමය. සිහිනයක් නොවේ. එසේ නම් එරික්…

ඕනෑම ප්‍රශ්නයකදී සිහි බුද්ධිය ඇතිව කල්පනා කරන්ට නම් සැර කෝපි කෝප්පයක් බීම මගේ කෝකටත් තෛලයයි. පහත මාලයට ගොස් කෝපි උගුරක් බොනු වස් කාමරයේ දොර හැරියේ එබැවිනි. දොර අරින විටම මට දොර පිටත මොනවා නමුත් කවුරුන් හෝ තබා ගොස් ඇති බැව් දැනුනි.

කාමරයේ දොරකඩ බිම වුයේ මගේ නම ලියු බරැති පාර්සලයකි. ඒ මත, යන්තම් පිපීගෙන එන විටම කැඩූ තද රත් පැහැ රෝස කැකුලකි. පාර්සලයේ වූ අත් අකුරු නොහඳුන මුත් මේවා කාගෙන්දැයි මට සිතාගත නොහැකි වුයේ නැත.
කෝපි බීම පසෙක ලු මම රෝස කැකුළ එතනම තියෙද්දී, පාර්සලය පමණක් රැගෙන කාමරය ට වැද ගත්තෙමි.

ප්‍රතිචාර 4 (+add yours?)

  1. Nish
    මාර්තු 01, 2012 @ 11:45:31

    කම්මැලි නොවී තව සුට්ටක් ලිවුවනම් මක් වෙනවද?

    සැර කෝපි වගේද මල් පැන් පොඩ්ඩක් තිබ්බ නම්….:D

    පිළිතුරු සැපයීම

  2. Trackback: මැදියම පිපුණු කුසුමක් – 11 « ස්නේහයේ නගරය
  3. Ravi
    මාර්තු 01, 2012 @ 13:41:26

    හොඳ වෙලාවට….මම මේ සුද්ද සිංහල ටිකක් මතක් කර කර හිටියෙ…ඔන්න එතකොටම මේල් එක ආපි අංක එකොලහ කියල… උඹේ වෙලාව හොඳයි අමෝ, අනෙ අම්මප… :)

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.