රසබර රහසක බින්දක් පෙන්වා සදහටම අතරමං කලැයි ඔබ නිතරම ගතු කිවු, සැන්දෑ යාමයන් හිඳී තුරු සෙවනකට මුවා වී ඔබ සිප සනසා ලු, නිරතුරු වම ඔබේ රුව සෙවූ, ඔබ මහත් සේ ආදරය කල මගේ දෙනයන … ඉතින් ඔබ ව නොපෙනේ නම් එපා මට. කඳුළු සළනවා හැරෙන්නට වෙන කිසිවක් කරන්නට මේ දෙනෙත් දැන් අසමත්ය.
මුහුදු වෙරළේ සෙල්ලක්කාර සුළඟට රැවටී නිතරම අයාලේ ගිය, ඔබේ අතැඟිලි පහසට පමණක්ම අවනත වූ, පිච්ච මල් සුවඳ දෙන්නේ යැයි කියමින් ඔබ වත සඟවා ගත්, මගේ අකීකරු දිගු අක් බමරු කෙහෙ රැල්… කවර පළක්ද ආදරයෙන් ඇවිත් පැටලෙන්නට නැත්නම් ඔබේ ගත? කපා විසි කර දමන්නට සිතේ මට.
තනිකමින් සිටිද්දී ඔබේ සුන්දර සිත දැක, එක මොහොතින්ම පෙර සසරේ බැඳි සෙනෙහෙ හඳුනාගෙන, ඔබේ තනි අයිතියට පරාන භුක්තියක්වත් නැතිව මා විසින් සපුරා පවරා දුන් මගේ ඉරි තැලුණු හදවත… ඔබත් සමගම අතුරුදන්වී ගොස් ඇත. පපු කුහරයේ හිස් තැනක් පමණක් ඇත. ඔබ යන විට දී යන්නට අමතක උනාද?
ඔබ නැති තුසිතයද මට දුරු කතරකි.
ඔබ නැති සෑම මොහොතක්ම කල්පයකි.
අවදියක් නැති බියකරු සිහිනයකි.
ඇඟිලි ගනිමින් සිටිමි මම
ගමන නිමවී නැවතුම් තිත පෙනෙන තෙක්.