සිහින කොහි සැඟවුනිද – 4 කොටස

සාදයට ගොස් ටික වේලාවකින්ම මට එය එපා විය. එක තැනක මැදි වියත් ඉක්මවූ ගැහැණු වෙසක් කුඩු මෙන් පාට පාට මුහුණේ ගා ගෙන තම තමන්ගේ පුරාජේරු කතා කරති. තව තැනක ලොකු බඩගෙඩි ඔසවා ගත් තට්ටය පැදුණු ඔවුන්ගේ සැමියෝ රහමෙරෙන් මත්වී විකාර දොඩවති. මේවා මැද කම්මැලිකම උසුලා ගත නොහැකි වූ මම නිවසේ ඒ මේ අත ඇවිදින්නට වීමි.

එදා ඒ සාදය පැවැත්වුයේ අම්මාගේ මිතුරියගේ පුත්‍රයා පිටරට ඉගෙනීම අවසන් කර පැමිණීම හේතුවෙනි. කුඩා කල සිට දැන සිටි ඔහු නෝන්ජල් එහෙත් අහිංසක තරුණයෙකු විය. සිය රදළ ධනවත් දෙමාපියන්ගේ පුස් පාට් කිසිත් නොපෑ ඔහු ඉගෙනීමේ දක්ෂයෙකු නොවිය. ඔහු වන්නෙකු කෙසේ මෙවන් උපාධියක් ගත්තාදැයි සිතමින් මම නිවසේ අමුත්තන්ගෙන් හිස්වූ ඉස්තෝප්පුවට ගියෙමි. ඇද හැලෙන වැස්ස නිසා සියල්ලන්ම නිවෙස තුලට ගොස්ය. නමුත් ඉස්තෝප්පුවට වැටෙන හිරිකඩ මට සැපකි. කුඩා වැහි බින්දු එකින් එක අතරින් පතර මගේ ගත වැකෙන විට මට අපුලක් නොදැනේ…


…මෙවන් වූ වැසි දිනයක මම වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ඔහුට හිමි වීමි. එදා මා ඔහු සොයා දිව ගියේ සතුටින් නොවේ. පොද වැහි වැටෙද්දීත් ඉකි බිඳිමින් මා ඔහු වෙත ගියේ අප දෙදෙනාට එරෙහි පළමු වෙඩිල්ල පත්තු වී ඇති බව පැවසීමටය…
‘අපි ගැන ලොකු මාම දැනගෙන’
‘ඔයාගේ ලොකු මාම?…’
‘ඔව්… ඔයාගේ අම්ම අතරමන් කරපු… ඔයාගේ තාත්ත!…මගේ මාම…’
සත්‍ය වශයෙන්ම ඔහු නෑකමින් මගේ මස්සිනා වුවත් මගේ සල්ලාල මාමා ගේ වැරදි නිසා ‘අවජාතක’ යයි සමාජයෙන් ලේබල් වැද, ‘රොඩියා’ යයි මගේ වංශවත් නැයින්ගෙන්ද  නම්බු නාම ලත්තේය.
‘මට ඔයා ඇර වෙන කාගෙන්වත් වැඩක් නැහැ’
වලව්වේ පුහු මානය වෙත බැඳගත් වෛරයෙන් ද ඔහු වෙත බැඳුනු ස්නේහයෙන්ද දැවෙමින් මම පැවෙසුවෙමි. වැහි වැටුනේ මගේ කඳුළු දිය කර හරිමිනි. සීතල වැස්සේ උණුසුමක් සොයන්නට මෙන් ඔහුගේ තෙත බරිත වුනු කමිසයේ බොත්තම් මායිම් නොකර සොයා ගත් සුව යහනේ හිස හෙවු මම ඔහුගේ හදවත ගැහෙන රාවයෙන් මත් වීමි. පොපියන දෙතොල ඒ රාවය අසා කෙසේ නිසලව ඉන්නද? මගේ දෙතොල ඔහුගේ මුවේ අමා පැන් සොයා යද්දී ඔහුගේ දෑත දුන් සොඳුරු විධාන වලට කෙසේ අවනත නොවී  සිටින්නද? …

මරණ තුනක් ඇති මිනිසා පැණි කෑවා සේ අප වටා නැගුනු ගිනි දැල් නොතකා එදා සුළු මොහොතකට අපි අපේ ලොවක තනි වීමු. නමුත්… අපේ ලොව බිඳ දමන්නට ඔවුන්ට ගියේ සුළු කාලයකි…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: