බැසගිය සඳ – 1 කොටස

‘මොකෝ මුණ එල්ලගෙන? තාම නෑ නේද?’
මගේ ඉස්සහින් ඉන්න හිමාලිගෙන්  චැට් පණිවිඩයක්.
‘වැඩක් නෑ අනේ. අද එන්නැද්ද කොහෙද. චික්. චාටර් දවසක්’
උදේ 10 ත් පහුයි. ‘එයා’ තාම නෑ. මම ඔෆිස් එකේ ඉඳගෙන ඉන්න තැනට දොරින් ඇතුලට එන යන අයව හොඳට පේනවා. ‘එයා’ ගේ මේසේ තිබුනේ මං ගාවින්මයි. මගේ වැඩේ ඉතින් උදේ රැයින් ඇවිල්ල ‘එයා’ එනකම් දොර දිහා අනිමිස ලෝචනේ කර කර අයිස් ගහන එක.
‘ඔහොම ඉඳල හරියන්නෑ නිම්මි බබෝ…මොකක් හරි කරන්න වෙයි’
හඃ මේකී ඒපාර පවුල් සංවිධායක ද කවුද ද වගේ ලව් ඇඩ්වයිස් දෙන්න අරන්.
අහ් මෙන්න කියන කොටම එනවා. මොනා කර කර හිටියද මෙච්චර වෙලා. හානේ වැස්සට අහුවෙන්න ඇති. පව් තෙමෙන්නත් ඇති. බයික් එකේනේ එන්නේ.
‘ආවා ආවා’
හිමාලි චැට් එකෙන්මයි වැඩ.
මළ මගුලයි. කොල්ල හිමාලි ගේ මේසේ ගාව නැවතිලා කොම්පියුටරේට එබෙනවා නේද. මගේ කාඩුත් කුඩු වෙයිද?!
‘ආවා ආවා? කවුද හිමාලි? ගජමෑන් ද?’
දෙයියනේ මේ මෝඩි චැට් එක වහ ගන්නේ නැද්ද ඔක්කොම කියවන්න කලින්!
‘අනේ මේ දනුක, පරක්කු වුනා මදිවට අනුන්ගේ චැට් වලට හොට දාන්නත් ආවද? මේ ලංකාව තුන් වෙනි ලෝකේ රටක් වෙන එක අහන්න දෙයක්ද ඔයාල වගේ කට්ටිය දහයත් පහු වෙලා වැඩට එනකොට?’
‘අම්මෝ හිමාලිගේ සැර. හරි හරි මැඩම්, ආර්ථික විද්‍යාව පාඩම පස්සේ අහගන්නම්. එහෙනම් අපි ගියා’
මම බොහොම අමාරුවෙන් එදා නම් හිනාව නවත්ත ගත්තේ.

දනුකට ආදරේ කරේ ඇයි කියල හේතු කාරණා කියන්න මට අදත් තේරෙන්නේ නෑ. දනුක හොඳ කොල්ලෙක් තමයි. ඒ උනාට මට එයා ගැන පිස්සුවක් ඇති උනේ එයා දැකපු දවසේමයි. ඒ කිව්වේ එයා නළුවෙක් වගේ ලස්සනයි කියන එක නෙවෙයි. ලස්සන නැතත් නැහැ. උසයි. සුදුයි. පීරන්න අමතක වෙච්ච කොන්ඩේ. හැමතිස්සෙම මූණේ හිනාව. නිකම් බාගෙට පිස්සු පෙනුමක් තිබුන කොල්ලෙක්. අනේ මන්ද මං හිතන්නේ මටත් සම්පුර්ණයෙන්ම පිස්සුද කොහෙද…

හොරෙන් හොරෙන් එයා දිහා බල බල ඉන්නවා මිසක් මගේ කැමැත්ත එයාට පෙන්වන්න මට දහිරියක් තිබුනේ නෑ. අඩුම තරමේ යාලුවෙක්ට වත් කිව්වේ නෑ – හිමාලි ඇරෙන්න. ඔය ඉඳල හිටලා හායි බායි කියනවා ඇරෙන්න ලොකු කතා බහක් අපි අතර තිබුනේ නැහැ. හිමාලි නම් කිව්වේ මම මහා මෝඩියක් කියල. දනුක ට කැමති උන නිසා නෙවෙයි – එයාට ඒක පෙන්නුවේ නැති නිසා. ඒ උනාට මගේ තියරි එක උනේ එයාට මං ගැන අදහසක් තියෙනවා නම් එයා අහන්න ඕනේ කියලයි. ඒක අහල හිමාලි ඔලුවේ අත ගහගත්තා.
‘ඔයා හිතන්නේ තමන්ට අකමැති වෙයි කියල හිතන කෙල්ලෙක් ගෙන් කොල්ලෙක් අහයි කියලද? ගොන් වහන්සේ! මේකී කවද හැදෙය්ද මන්ද’ ඔන්න එයාගේ උත්තරේ.
‘නිම්මි, මේ අහන්න, දනුකගේ හිතෙත් ඔයාට කැමැත්තක් තියෙනවා කියල මට හිතෙන්නේ…එදා මතක නැද්ද අපි හැමෝම කෙල්ලෝ ඉන්දැද්දී ඔයාට විතරක් අයිස් ක්‍රීම් එකක් දුන්නේ?’
‘මන්ද අනේ මගේ මොළෙත් නිකම් අවුල් වෙලා’
ඒ දවස් වල මගේ කාලයෙන් වැඩි කොටසක් ගියේ එයා මට කැමතිද නැද්ද, එදා ලිෆ්ට් එකේදී හිනා වුනේ මාත් එක්කද, ඔෆිස් එකේදී කුටු කුටු ගාල යාලුවෝ එක්ක කතා කරන්නේ මං ගැනද…ඔන්න ඔය වගේ බොළඳ විකාර වලට. කොහොමින් කොහොම හරි මට එයාට මගේ ආදරේ පෙන්නගන්න පුළුවන් වුනේ නැහැ. මාස දෙක තුනක්ම යන්තම් හිනා වේවි, හොරෙන් බල බල, හිමාලිගෙන් බැනුම් අහ අහ හිටිය ඇරෙන්න. ඔෆිස් එකේ පාටි එකේදී මම නමවත් දන්නේ නැති කවුද කොල්ලෙක් එක්ක ඩාන්ස් කරේ එයාට රිදවන්නමයි. ඒ උනාට මට අන්තිමට පාටි එකත් එපා උනා.

නමුත් එයා එච්චර ඉක්මනට මාව දාල යයි කියල නම් මම හීනෙකින්වත් හිතුවේ නෑ. දවසක් උදෙන් සම්පත් ඇවිත් ‘දන්නවද දනුක රට යන්න හදන්නේ නේද’ කියද්දී මගේ පපුව නැවතුනා වගේ දැනුනේ ඒකයි.
‘ආ මේ ඔෆිස් වැඩකටද සම්පත්?’ හිමාලි ඇහුවේ හොරෙන් මා දිහා බල බල. එතකොට මාත් බලාගෙන හිටියේ සම්පත් ‘ඔව් මාස දෙක තුනකට’ කියල කියයි කියල. දවසක් නොදක ඉන්න බැරි කොට මාස ගානක් නොදක ඉන්නේ කොහොමද කියල මට එවෙලේ හිතුන. ඒ උනාට සම්පත්ගෙන් ලැබුන උත්තරෙන් මගේ ඒ බලාපොරොත්තුවත් නැති වෙලා ගියා.
‘පිස්සුද. ඌ යන්නේ මෙහෙන් අස්වෙලා. එම් එස් සී එක කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවට. ඕකා ඉතින් ආයි මෙහෙ එන එකක් නෑ…සුද්දියෙක් සෙට් කරගෙන එහෙම පදිංචි වෙයි. හැක් හැක්’
සම්පත් හැකර කටෙන් තව මොන මොනවාද කීවත් මට ඒවා එකක් වත් ඇහෙනේ නෑ.  ඇඬෙන්න ආව නිසා මම දුවල වොෂ් රූම් එකට ගියා.

මගේ බොළඳ උනත් අහිංසක ආදරේට මොකද උනේ කියල දැනගන්න ඊළඟ කොටස බලන්න…

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්……

වළාකුලින් ඔබ වැසීගියා බොල් අහසේ
…සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ …….

ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ…….

ප්‍රතිචාර 3 (+add yours?)

  1. මදුශාන්
    මැයි 05, 2011 @ 18:27:42

    පිස්සු හැදෙයි කිව්වලු මම හිතුවෙ නැ මම වගේ තව කට්ටිය ඇති කියලා 😛 :P..නැද්ද කොහෙද මේකත් කෙටි කතාවක්නෙ!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. අමා
    මැයි 06, 2011 @ 03:27:29

    හි හි කෙටි කතාවල ඉන්නෙත් සැබෑ ජිවිතේ ඉන්න කට්ටියම තමයි. ඔයාට වඩා පිස්සු අයත් ඇති මයේ හිතේ…මගෙන් සමහරු අහනවා පිස්සුද හැටිද කියල. මම එතකොට කියන්නේ පිස්සුවෙ හැටි කියල. !

    ප්‍රතිචාරයට ස්තුතියි!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: