එක්වරම අනෙක්පස හැරුණු ඔහු පියවර කිහිපයක් එහාට ගොස්, ඇගේ ඇඳ විට්ටමේ අත රඳවා ගෙන, කතා කරන්නට පටන් ගත්තේ ඉවත බලාගෙනය.
“ඔයාට කියන්නැතිව ගියාට මට සමාවෙන්න අමන්දා”
ඇඳ විට්ටමේ රැඳවූ අත ගැන එවෙලේ මතක් වුවක් මෙන්, අනුචිතයක් කළා යන හැගීමෙන්දෝ ඔහු අත ගෙන ඉණ මත තබා ගත්තේය.
අමන්දා යන්තමට හිස වැනුවා පමණි.
“ඔයා හිතනවා ඇති මාලේ අරන් එන්න වැඩ කරන කවුරු හරි යවන්න තිබුන කියල. ඇත්ත. නමුත් මමම ගියේ…ඔයාගෙන් ටිකක් වෙන්වෙලා ඉන්න එක හොඳයි කියල හිතුන නිසා. නැත්නම් මට…ආත්ම පාලනයක් නැති වෙන්න තිබ්බා” ඔහු කතාව කරගෙන ගියේය.
මෙය අසා වරදකාරී හැඟීමෙන් සේම අසාධාරණයට ලක්වියයි කෝපයෙන්ද පිරී ගිය සිතැත්තී, “ඔව් බඳින්න ඉන්න මනමාලිගේ ලජ්ජා නැති කල්ක්රියාව නිසා ඈත්වෙන්න හිතන්න ඇති නේද’ යයි ඇය පැවසුවාය.
ඇගේ කතාවෙන්, ඔහුගේ තාවකාලික වෙන්ව යාම, ඇයගේ ගෞරවය රැකීමට නොව, ඇගෙන් සිදුවූ වරදක් නිසා යාමක් බව ඇය සිතන බව ඔහුට ප්රත්යක්ෂ විය.
“මට විශ්වාස නැත්තේ ඔයාව නෙවෙයි අමන්දා, මාවයි”
ඔහුගේ පාපොච්චාරණය තේරුම් යාමට ඇයට තත්පර කිහිපයක් ගතවිණි. ඔහු මේ පවසන හැටියට ඇය කෙරෙහි ඔහු තුල වූ ආලය, ඔහු වෙත ඇයගේ ආශාවට වටා බලවත්ය. සිනහව මැඩ ගැන්මට උත්සාහ කරන අතරේම, ඔහු කරා සෙමින් පිය නගමින්, ඇය “එතකොට ඔයා මේ මහා රෑ, තට්ට තනියම මගේ කාමරේට ආවේ මාත් එක්ක තනියම ඉන්දැද්දී, ඔයාට ඔයාව පාලනය කරගන්න අමාරුයි කියල මට කියන්නද?” යයි ඇසුවාය.
නළල රැලි කරගෙන මේ උහතෝකොටිකය පිලිබඳ සාලිය කල්පනා කරන හැඩක් පෙනුනි.
“අහ්…ඔව් ඒ කිව්වත් වගේ මම කරලා තියෙන්නේ මොන වැඩක්ද!” ඔහු කියත්ම ඇය මද සිනාවකින් යුතුව ඔහුගේ අත අල්ලා ගත්තාය.
කඳුරට සීතල දේශගුණයට නුපුරුදු ඇගේ අත්ලේ සීතල දැනුනු ඔහු, වහාම ස්වෙටරය ඇඳ ගන්නයි අණ කරමින් කාමරයේ හීටරය ක්රියාත්මක කිරීමටත්, අඩක් විවර කල තිබුණු කවුළුව වැසිමටත් යුහුසුළු විය. උස් වූ ඇඳේ වාඩිගත් ඇය පොරෝනය ගෙන උරිස් වටා පොරවා ගත්තාය.
“හරි හරි…මගුල් දවසේ මනමාලිට නහය රතු වෙලා හෙම්බිරිස්සාව හැදුනොත්…නේද?” ඔහුද පුටුවක් ඇඳ වෙත ලංකර හිඳ ගත් හෙයින්, ඇය හිස ඔහුගේ ලය මත හොවා තුරුළු වෙමින් පැවසුවාය. “මම ගියේ මගේ හිත කියන දේ අහන්නැති නිසා අමන්දා…ඒත් ආව මොහොතේ ඉඳන් ඔයා ඇරෙන්න වෙන දෙයක් මගේ ඔළුවට ආවේ නැහැ.” ඔහු මෘදුව ඇගේ හිස කෙස් පිරිමදිමින් කිවේය.
අමන්දා ඔහු වෙත තුරුළු වුයේ සිතලටමයි කිව නොහැක. ඔහුගේ පාරම්පරික වලව්වේ, ඔහුගේ අනාගත මනාලිය මෙසේ සිය පවුලේ අයත් සමඟ ආගන්තුක සත්කාර විඳින මොහොතේ, වෙනදා මෙන් ඇය සිප වැළඳ ගැනීම නොහොබිනා කමක් ලෙස, ඔහුට සිතෙනු බව ඇය තේරුම් ගත්තාය. සිය කුමරි බඹසර පසෙක ලා ඔහුගේ ගෙලේ අත් පටලාගෙන, පොරෝනය අහකට ගසා දැමු ඇය, ඔහුගේ දෙතොල් සිප ගත්තේ එහෙයිනි.
මහ රෑ ආ අමුත්තා – 2
05 ජුනි 2011 ප්රතිචාරයක් ලබාදෙන්න
in අමුතු කතා/පරිවර්තන/අනුවර්තන