භය

 

“දැන් මොකද්ද ප්‍රශ්නේ?”
“මට කියන්න තේරෙන්නේ නෑ හරියටම… ඒත් එයා දැන්…”
“ඉතින් එයාට හරිම කැමැත්තෙන් නේ ඔයා හිටියේ? ඇයි එයා ඔයාට හිත රිදෙන්න මුකුත් කිව්වද?”
“නැහැ නැහැ. දැන් එයා මට හැමදාම කෝල් කරනවා. ඒ උනාට මට …”
“පහුගිය ටිකේ එයා කෝල් එකක් වත් දුන්නේ නෑ කියල ඔයා නහයෙන් අඬ අඬ හිටියේ. ඉතින් දැන් හැමදාම කෝල් කරනවා නම් සතුටු වෙන්න එපාය”
“ඔව් ඉතින්… ඒත් හැමදාම කෝල් කරන්න ඕනද”
“”
“ඊයේ මාව හම්බෙන්නත් ආව. එයාගේ ටිකක් බඩත් ඇවිල්ල වගේ”
“එයා ඔයාට කැමතියි කියල හිතනවද?”
“ඔව්”
“හඃ”
“ඇයි?”
“මට දැන් තේරෙනවා”
“මොකද්ද?”
“ඔයා ට හැමදාම ඕන කලේ ලබාගන්න බැරි දේවල්”
“”
“ඇයි කතා නැත්තේ? ඒක තමයි ඇත්ත. ”
“ඔයා කියන්නේ ලබා ගන්න පුළුවන් දේවල මට අගයක් නෑ කියලද? ”
“අගයක් නැහැ නෙවෙයි. ඔයා බයයි”
“මම බයයි?”
“ඔව්. ආදරේට බයයි. ආදරේ ලැබෙන කොට ඔයා බයේ දුවනවා. නොලැබෙන ආදරයක් ම ඉල්ලා ඉල්ලා අඬනවා. ඒක ලැබෙන දවසට ඔයාට ඒක ඕන නැති වෙනවා.”
“”
“මට කියන්න අමා, ඇයි ඔයා ආදරේට බය?”
කන්නාඩියෙන් පෙනෙන රුව මගෙන් අසයි. මට ඇයට දීමට පිළිතුරක් නැත.

ප්‍රතිචාර 2 (+add yours?)

  1. arunishapiro
    ජූලි 26, 2011 @ 00:34:04

    //ඔයා ට හැමදාම ඕන කලේ ලබාගන්න බැරි දේවල්// ලබා ගන්න බැරි නම් ට්‍රයි දැම්මත් අගය වැඩි නිසා වෙන්නැති!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. අමා
    ජූලි 30, 2011 @ 03:09:47

    අනේ මන්ද අක්කා ට්‍රයි කරන්න කරන්න අගය තවත් වැඩි වෙනවද කොහෙද!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: