වැස්ස වැටෙනවා පේනවා ජනේලෙන් එහා.
ඉස්සර දවසක, මේ වගේම ඉල් මහේ හැන්දෑවක වැස්සේ දිව්වා ඔයත් එක්ක. මගේ තෙත කොණ්ඩේ දිගේ බේරීගෙන ඇවිත් මල් වැටුණු ගවුමත් තෙම තෙම වැහි බිංදු දඟ කරද්දී, ඒ වැහි බිඳු පස්සෙන් පන්නපු මුරණ්ඩු තොල් දෙක කාගේද කියල ඔයාට නම් අමතක ඇති.
ඔයා ගියාට පස්සේ මම වැස්සේ තෙමෙන එක නැවැත්තුවා.
හිතන්නෙපා වහින වෙලාවට මම අඬන්නේ කව්රුත් නැති පාලුවට කියල. ගොඩක් කාලෙකට කලින් අර මුරණ්ඩු තොල් දෙක දීපු හාදු එකින් එක කඳුළු වතුරේ දිය කරලා මකවන්න ඕන නිසා මිසක්…
ඔක්. 02, 2011 @ 15:14:04
ඩිංගිත්තක් වුනාට රසවත් විදියට හිතට දැනෙන්න ලියපු සටහනක්. මැවිලා පේනවා කියවද්දී …
ඉතාමත් කලාතුරකින් තමයි මම ලියපු දෙයක් ගැන ප්ලග් එකක් තව තැනක දාන්නෙ. ඒත් ඔයාගෙ සටහන කියවද්දී මගේ මේ ප්‍රබන්ධය බෙදා ගන්න හිතුණා, කමක් නෑ නේද?
sinhalastory.wordpress.com/2010/06/22/භෞතික-ආකර්ශනය/
ඔක්. 03, 2011 @ 04:14:49
ස්තුතියි අක්කේ
අනේ ලින්ක් එක දැම්ම එක කොච්චර හොඳයිද! මම ඒ කතාව විතරක් නෙවේ අනික් ඒවත් කියෙව්වා. අක්කේ එත් මට අර ‘භෞතික ආකර්ශනය’ හරියටම තේරුනේ නැහැ වගේ?
ඔක්. 03, 2011 @ 11:54:51
අමා නංගි, ඔයාගෙ ලස්සන ඩිංගිත්තන් කතාව එක්ක සමාන වෙන්නෙ ‘වැස්ස’, ‘ආදරය’, හා ‘මතක සටහන්’ යනාදියෙන්.
ඒත් වෙනස් වෙන්නෙ මෙහෙම: ‘භෞතික ආකර්ශනය’ කතාවේ එන කොල්ලගෙ මුරණ්ඩු තොල් වලට හාදු ලැබුනේ නැහැ! ඒත් ඒක තමයි කෙල්ලගෙ කැමැත්ත වුනේ. මොකද ඒ කතාවේ එන කොල්ලා සමාජයේ අපේක්ෂා එක්කත් පුද්ගලික ආසාව එක්කත් අරගලයක යෙදිච්ච කුමක් තෝරා ගන්න දැයි වික්ෂිප්තව සිටිය නිසා. ඒ මුරණ්ඩු තොල් වලට හාදුව නොලැබෙන්න හේතුව කොල්ලාගේ වික්ෂිප්තය දැනගත් කෙල්ල ඊට ඉඩක් නොදී ඉඩකඩ වසා දැමීමයි. ඒ මුරණ්ඩු තොල් වලට කෙල්ල ඉඩක් දුන්නා නම්, වහින වෙලාවට අඬලා, එකින් එක කඳුළු කැට වැස්සේ දිය කරලා යවන්න වෙයි කියලා ඇය දැන සිටිය නිසා වෙන්නැති!!!
ඔක්. 05, 2011 @ 01:26:14
අඃ තේරුනා අක්කේ 🙂 ගොඩක් ස්තුතියි පැහැදිලි කරාට.
හ්ම්ම් අක්කගේ කතාවේ ගැණු ළමය මට වඩා දුර දිග හිතල තියෙනවා…
ඒත් මට තිබුන ප්‍රශ්නේ මුරණ්ඩු තොල් දෙක හොයා ගත්ත අලුත් කම්මුල් අයිතිකාරි ගමේ රූමතිය වත්, නුවනක්කාරි වත් නෙවෙයි.
හැබැයි ඉතින් මට එහෙම පෙනුනට, මට නොපෙනෙන ගුණාංගයක් අලුත් අයිතිකාරිට ඇති කියල දැන් හිතෙනවා. සමහර විට කරුනාවන්ත, මෘදු හදවතක් ඇති. මට දෙන්න බැරි උනු දෙයක් එයා ළඟ තියෙනවා ඇති. මට තේරුම් ගන්න බැරි උන මුරණ්ඩු තොල් වල ආශාවන් එයා තේරුම් අරන් ඇති. එහෙම නැත්නම් මම වැදගත් කමක් නොදුන්නු සමාජ අපේක්ෂාවන් සලකල බලන්න ඇති…