මතකද දවසක් අපි දෙන්න හම්බු උනා අහම්බෙන් යාලුවෙක්ගෙ ගෙදරදී?
කොහොමහරි කැරකිලා මං ඔයා ලඟින්ම වාඩි වෙලා තිබුන, සැපට සෝෆා එකේ.
මං වටේ දැවටී දැවටී හිටපු අර චුටි හුරතලී ව බැරිම තැන මං ඔඩොක්කුවට ගත්ත. තාම මතකයි එයාගේ ලස්සන බෝනික්කි අත පය මම ආසාවෙන් තුරුළු කරගත්ත හැටි.
‘අනේ චුටි පැටියෝ ඔයාව කන්න හිතෙනවා’
මං එහෙම කිව්වම ඔයා හිනා වේවි කාටවත් නොපෙනෙන්න මගේ අතක් ඇදල අරන් මිරිකුව. පුදුමෙකට වගේ ඔයාගේ ලොකු ගොරෝසු ඇඟිලි වලින් මගේ ඇඟිලි හිරවෙනකොට රිදුනේ නම් නැහැ.
‘ඔව් මටත්’
ඔයා හීනියට කිව්ව දේ ඇහුනේ මට විතරයි.
හොඳටම ලජ්ජා හිතිලා මම බිම බලාගත්ත.
පිස්සු කොල්ල…
නොවැ. 08, 2011 @ 10:39:50
කොල්ලට පිස්සු… එතකොට කෙල්ලට..????????
නොවැ. 08, 2011 @ 12:10:52
අන්තිමට බලාගෙන ගියාම කොල්ල හොඳ සිහියෙන්. කෙල්ලට තමයි පිස්සු. ඒක තේරුනේ පස්සේ !
නොවැ. 08, 2011 @ 23:31:58
තවම ලෑස්ති නෑ වගේ අතීතයේ සුන්දර මතකයන් අත්හැරලා අළුත් රසවත් මතක හදන්න 😀
නොවැ. 09, 2011 @ 00:54:26
එක පාරටම පිස්සුව හොඳ කරන්න අමාරුයි අක්කේ ඉතින්… ඒත් දැන් බෙහෙත් බොනවා! 😀