ඒ එරික් හා මා හමුවී එළඹුණු පළමු සති අන්තයයි.
ළඟ ළඟ එන වසන්තයේ පණිවුඩය දැනුම් දීමට මෙන්, ලා හිරු රැසින් ඔපවත් සෞම්‍ය කාලගුණ යෙන් යුතු වූ, ඒ සැප්තැම්බර් උදෑසන කි.
පෙර දින වලදී සෑම දිනම අප දොඩමලු වුයේ රාත්‍රී කාලයේය. ඉදින් උදෑසන සොඳුරු බව දුටු මට හදිසියේම යාරා නදී තීරයේ එරික් හා ඇවිදීමට යාමට සිත්වීම පුදුමයක්ද? මා ඔහුගේ ජංගම දුරකථනය පළමු වරට එදා ඇමතුවේ ඒ බව ඇසීමටය.
දුරකථන වරක් දෙවරක් තෙවරක් නාද විය.
‘මේ ඔබ අමතා ඇත්තේ එරික් ගේ දුරකතනයටයි. මට දැන් ඔබව ඇමතීමට නොහැක. කරුණාකර සවස 6 න් පසුව අමතන්න. ස්තුතියි’
මම පැයකට අධික කාලයක් තුලදී කිහිප විටක් එරික් ඇමතීමට උත්සාහ කල නමුත් සෑම විටම එහා කොනෙන් ඉහත ස්වයංක්‍රීය පණිවුඩය ම පමණක් වාදනය විය.
ඉවසීම පුරුදු කර නැති මම කෝපයට පත්ව දුරකථනය අහකට විසි කළෙමි. මුරණ්ඩු ළදරියක ලෙසින් සවස් කාලය එළඹෙත්ම මගේ කෝපය තව තවත් වැඩි වුවා මිස අඩු වුයේ නම් නැති.
එහෙයින් ඒ රාත්‍රියේද එරික් සුපුරුදු පරිදි භෝජනාගාරයේදී මා හමුවට පැමිණි විට ඔහුට මගෙන් ලැබුනේ පුළුටු කරගත් මුහුණින් රකුසු බැල්මක් පමණි. ඔහු හිස මදක් ඇලකොට මදක් මා දෙස බලා සිටියේය.
‘කැමතිද අද රෑට යාරා ගං ඉවුර දිගේ රස්තියාදුවක් යන්න?’ ඔහු ඇසුවේ කිසිත් ගණනකට නැතිවය. මම බුම්මා ගතිමි.
‘අද උදේ යන්නනේ කතා කලේ. කොහෙද හවස 6 න් පස්සේ කතා කරන්ට කියල කියන්න ගත්තනේ…මගේ පණිවුඩය ට අඩුම ගන්නේ උත්තරයක් වත් නැහැ’
‘උදේ?’ ඔහු ශබ්ද නගා සිනාසුනේය. ‘අමන්දා ඔයා නොදන්නවා උනාට මම නිශාචර සත්වයෙක්. ඇරත් ඔය ෆෝන් කියන ජාතිය ට මගේ වැඩි මනාපයක් නැහැ…ඇත්තටම මම ඔයාගේ පණිවුඩය දැක්කේ නැහැ…හොඳයි ඉතින් මොකද කියන්නේ? යමු’
ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවද මා පිළිතුරු දෙන තෙක් නොසිටීම මගේ අමනාපයට හේතු විය.
කෙසේ වතුදු විදුලි බුබුළු වලින් දැල්වුණු සුන්දර යාරා තීරයේ රාත්‍රී සංචාරයකට පයින් ගැසීමට තරම් මා මෝඩියක නොවේ.
ජන. 12, 2012 @ 10:18:02
නියමයි අක්කෝ.. ඔය ලියන විදිය නම් මාරම ලස්සනයි.. 🙂 🙂 🙂
ජන. 12, 2012 @ 10:19:06
මේ ඔක්කොමල ලියන්නෙ නිසාචර කතානෙ අප්පා….
ලියමු ලියමු හදිස්සි නොවී:D:D
ජන. 12, 2012 @ 13:20:10
@Ice
බොහොම ස්තුතියි නඟා. මට වෙන්නේ බාගයක් ලියාගෙන යද්දී කම්මැලි හිතෙන එක. කොහොම හරි මේක අතරමැද නවත්තනේ නැතිව ලියන්ටෝන
ජන. 12, 2012 @ 13:20:29
@Nish
හා එහෙම තමා නිශ්. මේ යන්නේ නිශාචර රැල්ලක්. හිකිස් පෙන්නේ නැද්ද මේකේ නමත් නිශාචර සොබාවයක් දරනවා…ම්ම් මම හිතුවේ අර 2 කොටසෙන්ම කස්ටිය අල්ලගනී කියල කතාව. තාම නම් නෑ…
ජන. 12, 2012 @ 14:06:14
/කැමතිද අද රෑට යාරා වෙරළේ රස්තියාදුවක් යන්න?’ /
දැන් මේ යාරා කියන්නෙ ගඟක් ද මුහුදක් ද?
ජන. 12, 2012 @ 14:26:34
ගඟක් ගඟක්… හුටස් ගං ඉවුර නේද….අනේ ස්තුතියි රවී අයියේ. මං ඒක හදන්නම් 🙂
මැයි 11, 2012 @ 03:09:20
nice story