කෙනෙක් තවෙකෙක් හා ප්‍රේමයෙන් බැඳෙන්නේ මන්ද?
මේ පිළිතුරු දිය නොහැකි ප්රශ්නයකි.
සුවිශේෂී බැල්මක්, ලබැඳි සිනහවක්, අනපේක්ෂිත ස්පර්ශයක්, හෝ සිත්ගත් වදනක්… මේ කුමක් හෝ නිමිති කරගෙන, තාර්කික ඥානයට හසු නොවෙන අපැහැදිලි හේතුවක් නිසා අපි ප්‍රේමයෙන් බැඳෙමු. සමහර විට, මොලයෙන් නිකුත් කරන අනතුරු ඇඟවීම්, තහනම් නියෝග කිසිත් නොතකා හදවත ප්‍රේමයෙන් බැඳෙයි.
ඉදින් ඒ පරදේශක්කාර තරුණ හේවායා සහ රජ කුමරිය ගේ නෙතු හමු වූ මොහොතේ පටන්, ප්‍රථම වරට ඔහු ඇයගේ දෙතොල් රස උරා බිව් මොහොත දක්වා සිදුවූ දේ වචනයක් පාසා එරික් මා හා පැවසූ නමුදු, ඒ සියල්ල පවසා ඔබව උදාසීන කිරීමට නොයමි. ඔවුන් දෙදෙනා ද සුවහසක් ප්‍රේමවන්තයන් සේ එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් මුසපත් වූ බව පමණක් පවසමි.
නමුත් මෙවන් ප්‍රේමයකට පැවැත්මක් ඇත්ද?
කුමරිය යන්තම් සොළොස් වන වියෙහි වුවද, ඒ වන විටත් අසල්වැසි රටෙක, කිසිදා දැක නැති කුමරෙකු හා විවාහ වන්නට සුදානම් කොට තිබිණි. වීදුරු බෝලයක සිර කල රන් මාලුවෙක් අතකින් අතකට යන්නා ලෙස, බලයත් ධනයත් විසින් එලෙස ඇයගෙන් කිසිවක් නොඅසාම, ඇයගේ ජීවිතය තීරණය කර තිබිණි.
කරුණු මෙසේ තිබියදී, නොදන්නා රටක තනිවූ අපගේ හේවායා කුමක් කරන්ටද? ඔහුට ඉතිරි වුයේ එකම විසඳුමකි.
* * *
සමාවන්න, මෙහිදී මේ අතීත කතාව මදකට නවත්වා, ඔබව මදකට එරික් හා මාගේ වර්තමානයට නැවත කැඳවා එන්නට සිදුවෙයි. එරික් කතාවේ මේ කොටස කියද්දී සිදුවූ යමක් ඔබට දැන් කිව යුතුය.
‘කියන්න එරික්’ යාරා නදිය මත්තෙන් බැබලෙන සඳ දෙස බලාගෙන, කතාන්දරය ට සමවැදී උන් මම, නොඉවසිල්ලෙන් පැවසුවේ එරික් හදිසියේ කතාව නවතා නිහඬ වූ බැවිනි. ඔහුගෙන් පිළිතුරක් නොලද හෙයින් හිස හරවා ඔහු දෙස බැලුවෙමි.
එරික් ඉතාම නිශ්චල ලෙස යමකට ඇහුම්කන් දීගෙන සිටියේය. මගේ අවධානය හිමි වූ බව දුටු ඔහු මටද නිහඬ වන්නැයි සන් කළේය. කිසිත් නොතේරුණු නමුත්, ඔහුගේ මුහුණෙන් වූ බරපතළ පෙනුම නිසා මාද ප්‍රශ්න නො අසා නිසොල්මන් වීමි.
විනාඩි කිහිපයක් ගෙවී ගියේය. එරික් නම් සෙලවෙනවා තබා හුස්ම ගන්නවා වත් නොපෙනුණි. යටි තොල සපාගෙන, ව්‍යාකූල සිතින් ‘තවත් නම් මෙය ඉවසන්නට බැරියයි’ සිතමින් මා නම් සිටියේ ඉතාම නොසන්සුන්තාවෙනි.
හදිසියේම එරික් නැගිට්ටේය. අනතුරුව මටද ඔහු පසුපස එන්නයි සන් කර ජැටිය දිගේ කඩිනමින් ආපසු යන්නට විය. අඩි හයක්ද ඉක්මවූ ආරෝහ පරිණාහ දේහ දාරියකු වූ එරික් කිසිත් හඬක් නො නංවා ලී ජැටිය මත කඩිනමින් දිව යද්දී, ඔහුට වඩා දේහ ප්‍රමාණයෙන් බොහෝ කුඩා වූ, මා ගේ ගොලුබෙලි ගමන දඩි බිඩි හඬින් මහා කාලගෝට්ටියක් නැං වීම මගේ මහත් ලැජ්ජාවට හේතු විය.
ඔහු තරම් වේගයෙන් හෝ සුක්ෂම ලෙස හෝ ගමන් කරන්නට මගේ ඇති අති අසාර්ථක භාවය තේරුම් ගත එරික්, වහා ආපසු හැරී විත් මගේ විරෝධය නොතකාම කුරුළු පිහාටුවක් අතින් ගන්නා සේ සැහැල්ලුවෙන් මා ඔසවා ගත්තේ, මට සිතා ගත නොහැකි තරම් වේගයෙන් දිව යන්නට විය.
ඒ වෙලේ මැදියම් රාත්‍රිය ද පසුවී තිබුණු අතර අප සිටි ප්‍රදේශය ඒ වන විට ජන ශුන්‍යව පැවතිණ.
අප මේ දිව යන්නේ මන්ද? කාගෙන් බේරීම සඳහාද?
නොවැටී සිටීම පිණිස, දෙඅත එරික්ගේ ගෙල වට යවා තදින් අල්ලාගෙන, ඔහුගේ පුළුල් උර තලය ට හේත්තු වී සිටි, මගේ සිතට පැන නැගුනු ප්‍රශ්න මෙහි සඳහන් කරන්ට නොයමි.
‘එරික්…මේ මොනවාද වෙන්නේ’ යයි සිහින් සරයෙන් විමසු කල මට ඔහුගෙන් ලැබුනේ ‘ෂ්ෂ්.. බය වෙන්න එපා. සේරම පස්සේ කියන්නම්’ යන කෙටි පිළිතුර පමණි.
ජන. 19, 2012 @ 08:53:55
අපි ඉක්මන් කොරන්ට කිවුවට කලබල වෙන්න එපෝ…….
නිකන් හදිසි උන ගතියක් දැනුනා කියවන කොට…
හා හා ඉක්මනට ඉතුරු කොටහ….:D
ජන. 19, 2012 @ 09:02:13
හැබෑට එහෙම ගතියක් තියේද?
මාර කතාවක්නේ…හික් හික් ඉක්මන් වෙන්ටත් එපාලු – ඊළඟ කොටස ඉක්මනටම දාන්නත් ලු
ජන. 19, 2012 @ 08:57:19
කරකවල අත ඇරල දැම්ම කියන එකට වඩා ගැලපෙන්නෙ බං ගෝණි මල්ලක දාල හත් අට පාරක් පොළවෙ ගහල ලිහල දැම්ම වගේ සීන් එකක්….හෙහ්, හෙහ්,
ඔට්ටුවක් අල්ලමුද?….උඹේ මෙගා එකද මගෙ මෙගා එකද වැඩි දුර ඇදගෙන යන්නෙ කියල….හා ද?
ජන. 19, 2012 @ 09:04:47
අයියෝ මට නම් සහතිකයි එරික් ට මෙගා එක තනියම උනත් ඇදගෙන දුවන්ට ඇහැකි විත්තිය හි හි!!
//ගෝණි මල්ලක දාල හත් අට පාරක් පොළවෙ ගහල ලිහල දැම්ම වගේ//
බේත් තෙල් ටිකක් එහෙම ඕනෙයි එහෙනම් ඔලුවේ ගාගන්ට ?
ජන. 19, 2012 @ 21:20:34
ටාර්සන් එනව කිව්වට ඇවිල්ල තියෙන්නෙ ‘Thor’ වගේ.
මේක නිකන් Justice League වගේ වෙයි ද දන්නෑ!
ජන. 19, 2012 @ 22:02:42
දැන්නම් Thor කීවාම මට මතක් වෙන්නේ ක්‍රිස් හෙම්ස්වර්ත් විතරමයි…
*swoons*
සැප්. 19, 2012 @ 16:04:39
හැම කොටසකම කුතුහලය නිසා කියවාගෙන යන්න ආසයි අමා.