මැදියම පිපුණු කුසුමක් – 8

<< 7 කොටස

තම සිත් ගත් කඩවසම් තරුණයකු ලව්වා වඩවා ගෙන, ඔහු ගේ ගෙල වට දෑත පළන්දා, ඔහු ගේ උණුසුමට තුරුල් වී, තරු යට ඇවිදින අයුරු බොහෝ තරුණියෝ එක වරක් හෝ සිහින මවති.

කරුණු මෙසේ තිබියදී, එරික්ගේ බාහු මතින්, ඔහුගේ ලයට සිරවී, ගිම්හානයේ මුහුදු සුළඟ සිහිගන්වන ඔහුටම විශේෂ වූ සුවඳකට ඉව අල්ලමින් සිටි මට, මේ අවස්ථාවේදී කිසිදු ශෘංගාරාත්මක හැඟීමක් පහල නොවීම හාස්‍යජනකය.

තේරුම් ගත නොහැකි සිද්ධි දාමය නිසා මම සිටියේ මහත් අපහසුතාවයකිනි. එරික් කෙරෙහි සියුම් කෝපයක්ද මතු වෙමින් පැවතිනි. නවතින්නයි කියුවද ඔහු ගණනකට නොගනී. මා අසන ප්‍රශ්න වලට පසුව උත්තර දෙන්නම් යයි පමණක් කියයි. ඊටත් එක දිගට මෙසේ ඔහු දුවන්නේ කෙසේද? විඩාවක් නොදැනේද?

එරික් දිව යන්නේ අප ආ මග නොවන බව මට ඒ වන විට පසක් වී තිබණි. මද වෙලාවකින් අතහැර දමන ලද ගබඩාගාරයක් ඈතින් දිස්වන්නට වූ විට, ඔහු වඩාත් වේගයෙන් ඒ දෙසට යන්නට වූයේය. නිවැරදිව කාලය මැනීමේ මානසිකත්වයක් මට ඒ වන විට නොතිබුණු බව සැබෑය. ගබඩාගාරයේ වහල යන්තම් පෙනුණු මොහොතේ සිට, එරික්ට එහි දොරටුව වෙත වූ මයිලක පමණ දුර නිමා කිරීමට, මිනිත්තු දෙකක් වත් නොගියා සේ මට දැනුනේ එබැවින්දැයි නොදනිමි.

වසා දමා තිබු දොරටුව අසල නැවතුනු එරික් ‘සීදේවි මම දැන් කරන්න යන දේට සමා වෙන්න..ඒත් ඔයා වෙනුවෙන් මට මේක කරන්න වෙනවා’ යයි පැවසුවේ මා බිම තබමිනි. බිම තැබුවද, එක අතක් මගේ ඉණ වටේ යවා තදින් අල්ලා සිටි ඔහු, අනෙක් අතින් අඩක් වසා තිබූ ගබඩා දොර විවෘත කළේය.

මට සිහි එළවාගැනීමටවත් වෙලාවක් නොවීය. මා ගබඩාව තුලට තල්ලු වෙනුද, එසැනින් දොර අගුලු ලමින් වැසේනුද තත්පර ගණනකින් සිදු විය.

කට්ට කළුවර ගබඩාගාරයේ මා සිරකාරියක් බව පසක් වූ සඳ සිතට නැගි භය එරික් කෙරෙහි දරුණු කෝපයක් බවට පරිවර්තනය වීමට ගියේ ක්ෂණයකි. මා මෙසේ හසුරුවන්නට ඔහු මා කව්රු කියාද සිතන්නේ?
‘එරික්!’ හැකි වැර යොදා කෑ ගැසූ මම වැසුනු දොරට මිට මොලවා ගත් දෑතින් පහර දෙන්නට වීමි. ඔහු පිටතින් දොර පලු දෙක අතරට යමක් තබා නොඇරෙන සේ අගුලු දමා තිබිණ. මිටින් ගසා පලක් නැති බව වැටහුණු හෙයින් වේගයෙන් මදක් දුව විත් උරහිසේ බර යොදා දොර හැරීමට තැත් කලෙමි.
උරිස දැඩි ලෙස වේදනා දෙන්නට වීම සහ දෑතේ සම තුවාල වී ලේ ගලන්නට පටන් හැරෙන්නට අත්වූ ප්‍රතිපලයක් නම් නැති.

සිතේ ඇති වූ කෝපය නිසා එරික්ගේ නම හඬ ගසමින්, දොර අරින්නට තැත් කරනු විනා දොරින් පිට සිදුවන දේ පිලිබඳ මට එතෙක් අවධානයක් නොවීය.
එහෙත් දොර ඇරීමේ ප්‍රයත්නය ව්‍යර්ථ වීම නිසා ද, ශාරීරික වේදනාව නිසාද, දොර අසල නැවතී නිසොල්මන් ව, යටි තොල සපාගෙන සිටි ඒ මොහොතේ, මම පිටතින් ඇසෙන්නට ගත් ශබ්ද ගැන සැලකිලිමත් වීමට පටන් ගතිමි.

කුඩා කල කියවූ රුසියන් සුරංගනා කතාවක එන, භීමරූපී රාක්ෂයන් පිරිසක් අතර සටනක් යයි සිතෙන තරමේ, බියකරු අද්භූතජනක හඬවල් අගුලු දැමු දොරේ පිටතින් ඇසෙමින් පැවතිණ.

මෙතෙක් වෙලා දොර අරින්නට තැත් දැරූ මා හට, ඒ දොර ඇතුලට වී අඳුරු ගබඩාගාරය තුලට වී සිටීම වඩා ආරක්‍ෂිත යයි හැඟෙන්නට වුයේ එවිටය.

නමුත් එරික්ට කුමක් වන්ට ඇත්ද?

පිටතින් ඇසෙන අමනුෂ්‍ය ශබ්ද නිසා නැගි කුතුහලයෙන්ද, එරික්ගේ සුරක්ෂිතභාවය පිලිබඳ ඇති වූ බියෙන්ද මඩනා ලද සිත් ඇත්තේ, මම වහාම යන්තම් හෝ පිටත බැලිය හැකි සිදුරක් දොරේ ඇත්දැයි සොයන්නට වීමි.  එලිමහනෙන් ගලා ආ දුබල සඳ එලිය කාන්දුවන තැනක් බලා සොයාගත් සිහින් සිදුරට ඇස තබා දුටු දෙයින් මම තුෂ්නිම්භූත වීමි.

තැනින් තැන ඉරී ගිය ඇඳුමින්, වේගයෙන් උස් පහත යන ලයෙන් යුතුව, එරික් එළිමහනේ සිටගෙන සිටියේය. වෙන කිසිවෙක් පෙනෙන්ට නොසිටි අතර කලින් ඇසුණු බියකරු ශබ්ද සියල්ලමද මේ වන විට නැවතී තිබිණි.

එරික්ගේ මුව දෙපසින් – ඔව්.. ඔහුගේ මුව දෙපසින්… රතු පැහැති රුධිරය ගලා යමින් පැවතිණ.

Advertisements

ප්‍රතිචාර 15 (+add yours?)

  1. Nish
    ජන. 31, 2012 @ 07:13:39

    හයියෝ මැදෑ අති උද්වේගකර ප්‍රේම ජවනිකාවක් බලන්න හිටිය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. praveena
    ජන. 31, 2012 @ 08:19:25

    මේ ටික ඔක්කොම කියවලා නෑනේ. ඔක්කොම හිමිහිට කියවලා එකපාරට හොඳ කමෙන්ට් එකක් දෙන්නම්. අපරාදේ මට මිස්වෙලා මේ කතාව.:(

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Ravi
    ජන. 31, 2012 @ 12:01:09

    / එරික්ගේ මුව දෙපසින් – ඔව්.. ඔහුගේ මුව දෙපසින්… රතු පැහැති රුධිරය ගලා යමින් පැවතිණ /

    මගේ දෑස අදහාගත නොහැකි වූ බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. එරික් යනු මිනිස් රුධිරය පානය කරන වැම්පයර් වර්ගයේ අර්ධ මනුශ්‍ය සත්වයෙක්ද?

    කෙමෙන් දොරටුව විවර වන්නට වූ අතර බියෙන් සලිත වි ගිය මම ගබඩාවෙහි ඈත කෙළවර බිත්තිය අසලට වී සිටියේ ගැහෙන හදින් යුතුවය.

    දොරටුව සෙමින් විවර වී පසුබිමෙහි වූ මන්දාලෝකයෙන් මට දැකගත හැකිවූයේ එරික්ගේ උත්තුංග රූපකායයි.ඔහු මුව දෙපසින් ගලන රුහිරු පිසදැමීමට අසාර්ථක උත්සාහයක් ගනිමින් සිටියේය.

    ” අමා….එන්න….ඇයි ඔයා මේ බය වෙලා වගේ…..”

    ” එරික් ලඟට එන්න එපා……” පහත් වී අඳුරේම බිම අත පත ගෑ මම අතට අසුවූ පරණ යකඩ මුගුරක් වැන්නක් ගෙන නැඟී සිටියෙමි.

    ” මොකද අමා මේ?….පිස්සුවක් වත් හැදීගෙන එනවද?”

    ” පිස්සු නෙවෙයි…මොකද ඔයාගෙ ඔය කට දෙපැත්තෙන් ලේ බේරෙන්නෙ? මට ඇත්ත කියන්න එරික්….ඔයා වැම්පයර් කෙනෙක් නේද? ” මම යකඩ මුගුර තරයේ දෑතින්ම ගෙන එරික් ට මුහුණ දුනිමි.

    ” හහ්..හහ්, හහ්….විකාරද අනේ?……මම මේ අද මගෙ ඩෙන්ටිස්ට් ට එපොයින්ට්මන්ට් එකක් දාල තිබ්බෙ…..මට හදිස්සියෙම ඒක මතක් වෙලයි මේ ආවෙ….මෙතන එහා පැත්තෙ එයාගෙ ක්ලිනික් එක. ”

    ” එතකොට ….එතකොට…ඔය ඔයාගෙ කටේ ලේ?…”

    ” හරි වැඩක්නෙ උනේ…..දත් ගලවල බලනකොටයි දන්නෙ ලේ නවත්තන ඉන්ජෙක්ෂන් එක ඉවර වෙලයි කියල.මිනිහ ඒ පාර ගියා කොහෙන් හරි හොයාගෙන එන්නම් කියල. ”

    ” ඉතිං?……….” යකඩ මුගුර ඉවත දැමූ මම දුවගොස් එරික් වැළඳ ගතිමි.

    ” මට ඔයාව මතක් වෙලා මේ ආවෙ, ඔයා බයවෙලා ඇති කියල මට හිතුන.”

    මා වැලඳ ගත් එරික් මා දෙතොල සිප ගත්තේය. මම තවත් ඔහුගේ උණුසුමට තුරුලු වූයෙමි. දෑස් අඩවන්ව සිත මෝහනය වී යන අතර මගේ ගෙල පෙදෙස සෙමෙන් සපන්නට වූ එරික්ගේ තියුණු දත් වල මුවහත දැනී එක්වරම මම පියවි ලෝකයට පැමිණියෙමි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      පෙබ. 03, 2012 @ 01:26:55

      ඇත්තමයි රවී අයියේ – මම එක පෝස්ට් එකක් ලියන ගානට ඔයා කමෙන්ට් එක කොටලා නෙව. සික් ලැජ්ජාවේ බෑ! මම මේ එකක් ලියාගන්නෙත් හරිම අමාරුවෙන්. ඒකෙත් ඔයා ලියනවා වගේ effortless flow එකක් නැහැ.
      මෙහෙම බ්ලොග් ම ලිය ලිය ඉන්නේ නැතිව නවකතාවක් ලියන්ටකෝ…

      ප්‍රති-පිළිතුරු සැපයීම

  4. praveena
    පෙබ. 02, 2012 @ 09:46:33

    ඔක්කොම ටික කියෙව්වා. කුතුහලය උපදින විදියට ලියලා තියනවා. තව ටිකක් දිගට ලීවා නම් හොඳයි වගේ. මම මේ රවිගේ කතාව කියවලා සම්පූර්නයෙන්ම කතාව පටලවා ගත්තත් එක්ක.

    බලනකොට ඔයත් වැම්පයර් කතාවකට අර අඳිනවානේ…:)))

    හැබෑට සවුත් බෑන්ක් එක පැත්තේ රෑ වෙලා ආවොත් වැම්පයර් කෙනෙක් හම්බවෙන්ට පුලුවන්ද? එහෙමනම් මම ඕනි වෙලාවක එන්නම්. එරික් උනත් කමක් නෑ.:D:D:D

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      පෙබ. 03, 2012 @ 01:31:06

      අනේ බොහොම ස්තුතියි පොඩ්ඩි!

      ඔව් දිගට ලියන්ට උත්සාහ ගන්නම්. මට ලියන්ට හිතෙන වෙලාවට වෙන වැඩ රාජකාරි. ලියන්ට වෙලාව තියෙද්දී කතාව ඔළුවට එන්නේ නැහැ. අයියෝ…

      //ඕනි වෙලාවක එන්නම්. එරික් උනත් කමක් නෑ//
      හැහ් එරික් ව දෙන්ට පුළුවන එහෙම ඔයාට? එයා මගේ! හි හී ඊ!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  5. මුහුදු කොල්ලකාරයා
    පෙබ. 02, 2012 @ 19:25:51

    ඒ පාර මේකටත් වැම්පයර් කෙනෙක් ආවද? පොඩ්ඩි අරෙහෙ Twilight පරිවර්තනය කරනව. මේකත් දැන් Twilight Saga වගේ වෙන්න යන්නෙ. අනේ ඇත්තට මේ ගෑනුන්ට උගත්, කඩවසම්, රැකියාවැති, සුරා සුදුවෙන් තොර, ලේ නොබොන, ජාතියෙ කොල්ලෙක් ගැන ලියන්න බැරි හැටි! රීරි යකාම බලාගන්න ඕනෙ මෙව්ව!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      පෙබ. 03, 2012 @ 01:43:27

      //මේ ගෑනුන්ට උගත්, කඩවසම්, රැකියාවැති, සුරා සුදුවෙන් තොර, ලේ නොබොන, ජාතියෙ කොල්ලෙක් ගැන ලියන්න බැරි හැටි!//
      කොහෙද අනේ එහෙම අය ඉන්නේ? එහෙම කෙනෙක් හම්බුන දවසට ලියන්නම් …
      දැන් බලන්ට මේ බ්ලොග් අවකාශයේ උනත් ඉන්නේ – ගෙම්බෝ, බස්සෝ, පිස්සෝ, හෝහපුටුවෝ, ඒ මදිවට මුහුදු කොල්ලකාරයෝ…
      හිකිස්!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Trackback: මැදියම පිපුණු කුසුමක් – 9 « ස්නේහයේ නගරය
  7. Trackback: මැදියම පිපුණු කුසුමක් – 16 « ස්නේහයේ නගරය
  8. Trackback: මැදියම පිපුණු කුසුමක් – 17 « ස්නේහයේ නගරය
  9. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  10. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  11. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: