හන්තාන සුන්දරයි තවම…

හානේ ඔයා?
කොච්චර කාලෙකට පස්සෙද?
ඒකනේ අවුට් උනාට පස්සේ දැක්කෙම නැහැ
කොහෙද ඔයා නැව් නැග්ගනේ…

ඉතින්?
හ්ම් ම්ම් කිතුල්!

මතකද ඒ දවස්?
නැතුව… රැග් කරද්දී ඔයා ඇඬුව හැටි මරු හෙහෙ
බොරු බොරු මම ඇඬුවේ නැහැ…එතකොට කොහොමද ඔයා ට දාල තිබ්බ කාඩ් එක? මොකද්ද අර *****
ෂ්ෂ්… කෑගහන්න එපා හලෝ… මේකිගේ කට නම් අඩු වෙලා නෑ හෙහෙ

මතකද?
මොනවාද?
හන්තාන?
අපි දෙන්න?
ඔව් අපි අත් අල්ලන් ගියේ…
ඔයා ඇවිත් මගේ අතේ එල්ලුනානේ බයයි කියල
බොරු බොරු මෙයා බොරු මයි කියන්නේ… ඔයානේ ඇවිත් මගේ අත අල්ලාගත්තේ… හොර කොල්ලා
හැබැයි ඔයා අත ඇරියේ ත් නෑනේ

ඉතින්…?
කිතුල්!
පිස්සු
ඔව් ඒක ඇත්ත
….
කවද්ද යන්නේ?
හෙට
හෙට?
ඔව් යන්න වෙනවා
….
හ්ම්
හ්ම්
එහෙනම්…මම යන්නම්
හොඳයි පරෙස්සමින්… සතුටින් ඉන්න

~සත්‍ය සිදුවීමක් ඇසුරෙනි

PS: ආදර නිල් දෑසක් නිසා අවදිඋනු මතකයකි

PPS: මැදියම පිපුණු කුසුමක් මෙගා එක යන අතරේ ගිය පොඩි ඇඩ් එකක් කියල හිතන්ටකෝ

Advertisements

ප්‍රතිචාර 21 (+add yours?)

  1. Ravi
    පෙබ. 04, 2012 @ 10:34:09

    හන්තානේ මතක සුවඳ ,
    සිහිනෙන්වත් දැනෙන්න,
    නෙතු අග රැඳි කඳුළු මකා,
    හසරැල්ලක් ගෙනෙන්න,

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. praveena
    පෙබ. 04, 2012 @ 11:50:52

    අපට ඇඩ් එපෝ. කතාව දාන්ටෝ….:D

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Buratheno
    පෙබ. 04, 2012 @ 14:18:50

    හන්තානට පායන හඳ ලස්සනයි ද කියන්න..
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න..

    අනිද්දට නේද නවම් පෝය..?? මං ඒත් හිතුව හඳ මෝරනකොට ඔය ළමයගෙ පිස්සුව පොඩ්ඩක් වැඩිවෙයි කියලා.. :p

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Ravi
    පෙබ. 05, 2012 @ 06:42:20

    හෙහ්…පස්සෙනෙ දැක්කෙ බං…..

    / ඒකනේ අවුට් උනාට පස්සේ දැක්කෙම නැහැ /

    මේ….. උඹ අවුට් උනේ කොහොමෙයි?…..ක්ලීන් බෝල්ඩ් ද? එල්. බී. ඩබ්ලිව්. ද? කෝට් බිහයින්ඩ් ද? නැත්නම් හිට් විකට් ද?………:) 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Buratheno
      පෙබ. 05, 2012 @ 11:51:13

      නෑ නෑ, HBW (Heart Before Wicket).. ඕක තමා කියන්නෙ බැට් කරනකොට chest guard එකක් දාගන්ට කියලා.. :p

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • අමා
        පෙබ. 06, 2012 @ 05:31:57

        ආ ඔය කියන්නේ. අහිංසක ගැනු ළමයි ගොඩ දෙනෙක් ක්ලීන් බෝල් අවුට් කරපු පළපුරුදු බෝලර් කෙනෙක් වගේ හිකිස්

      • Buratheno
        පෙබ. 06, 2012 @ 11:41:57

        අහිංසක ගැනු ළමයි කියන්නෙ මොන වගේ ජාතියක්ද මෙයා..!!?? මම දැකලාම නෑ නෙවැ එහෙම අය.. 😛

      • අමා
        පෙබ. 07, 2012 @ 08:05:17

        අහෝ නර පණුව, අහිංසක බවේ ප්‍රතිමුර්ති වන් වූ විනීත සුකොමල ලලනාවන් දෙදෙනෙකුම මෙහි කමෙන්ට් කර ඇතුවා තට නොපෙනේද?
        හික්

      • Buratheno
        පෙබ. 07, 2012 @ 13:38:11

        එහෙම දෙන්නෙක් නම් පේන්ට නැතෝ.. සමහරවිට ඒ කමෙන්ට්ස් මැකිලා වෙන්ටැති.. හික්zය 😛

      • Ravi
        පෙබ. 07, 2012 @ 15:55:33

        @ බුරා,

        මලේ, මේ අම්මණ්ඩිට පිස්සුව හොඳටම තද වෙලාද කොහෙද…හරි, හරි, අද මේ හඳ මෝරාපු දවසෙ නෙව…..

        ඔය උඹටයි මටයි නෙව විනීත සුකොමල ලලනාවොය කියන්නෙ……:)

      • අමා
        පෙබ. 08, 2012 @ 07:21:36

        සඳ මෝදු වෙලා නැගෙනා – රෑ කාලේ වනන්තරේ
        කුමරියකගේ දුක් ගියක් – ඇසුවා දැන් නිරන්තරේ……..

        ලා ලා ලා ලා ලා ලා
        හි හී !!

    • අමා
      පෙබ. 06, 2012 @ 05:28:07

      අනේ මන්ද … දෙතුන් විදියකටම අවුට් වුනා වගේ
      ඔය හැමදාම අවුට් වෙන සීන් කෝන් එක නිසා දැන් මම විස්තර විචාරය කරන්න සෙට් වෙලා ඉන්නේ. ක්‍රීඩාවට සමු දුන්න! හික්

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • Ravi
        පෙබ. 06, 2012 @ 05:43:42

        What a witty rejoinder Ama…….heh, heh……:)

      • Nish
        පෙබ. 08, 2012 @ 04:53:08

        අයියෝ තවදුරටත් පුහුනූවීම් කොරන්න එතකොට යෝකර් වලත හයේ ඒවා නෙලන්න පුලුහන් වෙයි.

        විස්තර විචාරෙට යන්නෙ ක්‍රීඩාවෙන් විශ්‍රාම යන අය නොවැ…….
        මේ උන්දැත් ඒ වයසෙද මන්දා…..:D

      • අමා
        පෙබ. 08, 2012 @ 07:15:14

        @Nish
        ඒ උනාට මෙයා විස්තර විචාරේ අනතුරු අඩුයි. අවුට් වෙන්නෙත් නෑ – ආබාධත් නෑ – ක්‍රීඩාවේ ඉන්න ඈයින්ගේ වැරදි හොයා හොයා කියන්ට විතරයි තියෙන්නේ
        හිකිස්

        //මේ උන්දැත් ඒ වයසෙද මන්දා//
        මේ එන්ට එපා හරිද. මම තාම සුටි ලාබාල ලද බොළඳ කිරි බොන වයසේ අත දරුවෙක් ගානයි!!!

      • Buratheno
        පෙබ. 08, 2012 @ 12:14:22

        @නිශ්,

        ඇත්ත ඇත්ත මචෝ.. විස්තර විචාරෙට එන්නෙ තවදුරටත් බැට් එකක් උස්සගන්නවත් පණ නැති වයසක උන්දැලා තමා.. 😛

  5. අසරණයා
    පෙබ. 05, 2012 @ 10:44:56

    තවත් සරසවි ප්‍රමයක්..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: