ගබඩාගාරයෙන් ඉවතට හිස හරවා සිටි ඔහු මගේ බැල්ම දැනුනාක් මෙන්, එක එල්ලේ මා සිටි දෙස බැලුවේය. විශාල දොරක් පසුපස සිටි වුවද, ඔහුට කිසි සෙත් මා නොපෙනෙන බව දැන උන්නද, මා ගබඩාවේ කෙළවර ටම දිවගොස් බිත්ති මුල්ලක ගුලි ගැසුනේ මන්ද යයි නොදනිමි. ඒ මා ඉහත දුටු දර්ශනය නිසා එරික්ගෙන් හැකි තරම් දුරට ඈත් වීමේ බොළඳ උත්සාහයක් වන්නට ඇත.
දෑස වසාගෙන මා එසේ බොහෝ වෙලාවක් සිටින්නට ඇත. ඒ කාලය තුල අවට සිදුවන දෑ පිලිබඳ මට අවබෝධයක් නොවීය.
‘අමන්දා…’
අපේක්ෂා භංග බිඳුණු ස්වරයෙන් මේ අමතන්නේ එරික්ද?
‘දෙවියන්ගේ නාමෙට ඇස් ඇරලා මා දිහා බලන්න අමන්දා’
සෙමෙන් දෑස් හැර පසු, මා දුටුවේ මා ඉදිරියේ දණ බිම ඇණගෙන මා දෙස බලාගෙන සිටින එරික් ය. ඔහුගේ මුහුණ වෙනදාටත් වඩා සුදුමැලි ව ගොස් තිබිණි. දැඩි වේදනාවකින් පෙළෙන්නෙකුගේ මෙන් දෙනෙත හැකිලී ගොස්ය.
මා යමක් පවසන්නට තැත් කලද, වචන සියල්ල උගුරේ සිරවී සිහින් ඉකියක් පමණක් පිටවිය.
‘අමන්දා!’
එරික් මගේ උරිස ඔහුගේ දෑතින් වැරෙන් අල්ලාගෙන සෙලවුයේය.
‘එරික්…’ මම මහත් ආයාසයෙන් වචන පිට කලෙමි. ‘ඔයා…ඔයා…ලේ…’
එරික්ගේ ග්‍රහණය වඩාත් දැඩි වුයේ මා වේදනාවට පත් කරමිනි.
‘මේ බලන්න සීදේවි…මේක මෙහෙම ඔයාට දැනගන්න ලැබෙන්න වේවි කියල මම හිතුවේ නැහැ. ඒත්… ඒත් අමන්දා කරුණා කරලා ඔය විදියට බලන්න එපා’
‘එරික්… අත අරින්න මාව.’ මම අපහසුවෙන් වචන ගැට ගැසුවෙමි. ‘කරුණා කරලා … මට යන්න දෙන්න’
වහා මා අත හැරියද, ඔහු මා ලඟින් ඉවත් වුයේ නම් නැති. යටි තොල සපාගෙන දුක්මුසු ව මදෙස බලා සිටියා පමණි.
මට එතනින් වහා පළා යාමට අවැසි විය. මෙතෙක් ඉතා ක්‍රමිකව ඉරි ගසා ඇඳ තිබුණු මගේ ලෝකයේ කිසිවෙක් එක වර බලි කුරුටු ඇඳ, උඩු යටි කුරු කලාක් මෙන් මට හැඟුනි. මේ තේරුම් ගැනීමට නොහැකි පැටලිලි ජාලයෙන් මිදී මගේ පැරණි සරල ලෝකයට යලි යාමට මට උවමනා විය.
යලි මා නවාතැන් පලට ගියේ ටැක්සි රථයක් කතා කරගෙනය. මා හැර ලීමට පැමිණීමට එරික් බොහෝ පෙරැත්ත කර නමුදු ඔහුගේ ආයාචනා වලට මම කිසිදු ප්‍රතිචාරයක් නොදක්වුයෙමි. ගෙන්වා ගත් ටැක්සි රථයේ නගින්නට පෙර ඔහු වෙත හැරුණු මම ඔහුව ඇමතුවෙමි.
‘ආයෙත් මාව හම්බු වෙන්න එන්න එපා’
පෙබ. 19, 2012 @ 09:01:41
යකෝ..මේක මාර කෙලියක් නෙව….හිටපු ගමන් නින්දෙං ඇහැරල වගෙ වචන දහයක් ලියල දානව..ඊට පස්සෙ ආයෙම සුමාන දෙකක් ආගිය අතක් නෑ….මෙහෙම අවාරෙට අඹ වැටෙන්න වගෙ…ලාහට ගෙම්බො එකතු කොරනව වගෙ…..යලටයි මහටයි…. ඇබින්ද ඇබින්ද ලියල මේ කෙහෙල්මල කවද්ද උඹ ඉවර කොරන්ට හිතාගෙන ඉන්නෙ…..
මේ ලියනවනම් එක දිගට ලියපං…නැත්නම් අල්ලල දාල නිකා ඉඳහං….අපෙ මොලේ කුරුවල් කොරන්නෙ නැතුව…මොනවදෑ ආයෙ එහෙනං…….හෙහ්, හෙහ්, 🙂
පෙබ. 19, 2012 @ 11:00:06
@Ravi ayya
මට ලියන්ට වෙලා නෑ මේ දවස් වල. (ඇයි ඉතින් උයන්ට පිහන්ට රෙදි හෝදන්ට ගෙවල් අස් කරන්ට පොල් අතු වියන්ට ගොයම් නෙලන්ට ළිඳෙන් වතුර අරන් එන්ට ඔලිඳ කෙළින්ට පිටි කොටන්ට කොච්චර වැඩද අයියෝ)
//ඇබින්ද ඇබින්ද ලියල මේ කෙහෙල්මල කවද්ද උඹ ඉවර කොරන්ට හිතාගෙන ඉන්නෙ//
එහෙම තමා. ඇටෙන් ඇටේ සතෙන් සතේ රුපියල රුපියල එකතු කරලා එකතු කරලා ඉතිරි කිරීමේ බැංකුවට දාමු
පෙබ. 19, 2012 @ 09:59:32
//මේ බලන්න සීදේවි…// 🙂
මාර ලස්සන වචනයක්! කොහොමද දන්නේ නෑ පිරිමි ලමයට කතා කරන්නේ නේද?
අනේ එරික් පව් අය්යෝ…
පෙබ. 19, 2012 @ 11:03:42
@praveena
ම්ම් මාත් හරීඊඊඊම ආස වචනයක් සීදේවි. පිරිමි ළමයට කතා කරන්න විදියක් තාම හිතනවා. හික් හික්
මේ ඒක නෙවි කෝ අපිට ඉක්මනට අලුත් පෝස්ට් එකක් දෙනවද? නැද්ද?!!!
පෙබ. 20, 2012 @ 04:05:36
සීදේවී කිව්වහම අනේ මටනම් මතක් වෙන්නෙම අර පැංචාගෙ කාටූන් එකේ කිඹුලා අර රතු කොණ්ඩයක් දාගෙන ඉන්න එයාගෙ කිඹුලිට කතා කරන විදිහ. මට කාටූන් එකේ නම මතක් වෙන්නෙ නෑනේ. ඒකෙ වලස් පැංචා කහ පාට ඇඳුමක් ඇඳන් ඉන්නේ. එයාගෙ තාත්තත් ඉන්නවා, තව යාළුවො සෙට් එකක්ම ඉන්නවා. කතාවෙ දුෂ්ටයො දෙන්නා තමයි හැලයයි සීදේවියි කිඹුල් ජෝඩුව. තාමත් දැක්කොත් ආසාවෙන් බලන කාටූන් එකක්.
පෙබ. 21, 2012 @ 11:37:23
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
හා මම දන්නවා ඔය කාටුන් එක. ඉස්සරම සිරසේ එක ගියා ‘Kissifur’ කියල. ඒක තමා මුල් එක. ඊට පස්සේ සිංහලෙන් හඬ කවල ගියේ පැංචා කියල මයේ හිතේ. හිකිස් ඔයාට සීදේවි කීවම මතක් වෙන්නේ එකද? හෆොයි. ඔය සීදේවි වචනේ ටාර්සන් පොත් වලත් තිබ්බ වගේ මතකයි…එයා ජේන් ට එහෙම කතාකරන සීන් එකක් මට ලාවට මතකේ තියෙනවා… අර ටාර්සන් වෙන කෙල්ලෙක් එක්ක පොඩි සීන් එකකුත් තිබිල ජේන්ට තද වෙච්චි වෙලාවක ද කොහේ. හිකිස්!!
පෙබ. 20, 2012 @ 04:12:35
කතාන්දරේ ඉදිරිපත් කිරීම ගැන කියනවනම් අමා අක්කේ, මම මුල ඉඳලම කරපු චෝදනාව තාම එහෙමමයි ඔන්න. අර රවි අයියා තේරෙන බාසාවෙන්ම කියලා තියෙන්නේ අන්න ඒ ටිකම තමයි!
ඒ ඇරුනාම කතන්දරේනම් හරිම ලස්සනයි. මම ඒත් හිතුවා ගිය සැරේ කොටසෙන් එරික්ගේ කටෙන් ගලන ලේ දැක්කා කියලා අපිට වැම්පයර්ලා ගැන මතක් කරලා, අපිව ඒ ගැන හිතන්න යොමු කරලා ඔයා කතාව වෙන පැත්තකට හරවලා ගෙනියයි කියලා අපිට හිතාගන්නවත් බැරි විදිහේ. මට තාමත් එරික් ගැන හිතෙන්නේ එහෙමයි. එයා ඇත්තටම වැම්පයර් කෙනෙක් නෙවෙයි, වෙන මොකක් හරි හේතුවක් නිසා තමයි අර එදා ලේ ගලාගෙන ආවේ කියලා. එහෙම හිතෙන නිසා මේ වෙච්ච දේ ගැන දුකයි. ලියන්නකෝ ලියන්නකෝ තව දිගටම. ඔයාට පුළුවන් වේගෙන් කොටස් දාන්න, හැබැයි ඔන්න එක දවසකට දාන කොටසෙ දිග වැඩි කරන්න හොඳද!
පෙබ. 20, 2012 @ 19:30:08
මෙය තවත් එක් වැම්පයර් කතාවක් නොවේවා! සුදිලෙන සන්නාහ පැළඳි නයිට්වරුන්, කෙටේරි අතින්ගත් වයිකින්ග් වරුන්, ලෙලදෙන අසිපත් රැගත් රෝමානු සොල්දාදුවන්, ද්වන්ද සටන්, ලස්සන කෙල්ලන්, බිහිසුණු මෘගයන් පිරි කතාවක් වේවා! 😀
පෙබ. 21, 2012 @ 07:54:17
//ලස්සන කෙල්ලන්//
කොල්ලන්ට ඉතින් මීට වඩා තවත් දෙයක් නෑ…:D:D:D
පෙබ. 21, 2012 @ 11:52:35
@paraveena
අන්න ඒක තමා නේද අනේ
මේ කතාවේ නම් ලස්සන කෙල්ලෝ එක්කෙනෙයි. මොකෝ මේකේ ඉන්න කෙල්ල අමා හෙවත් අමන්දා නේ. තව ලස්සන කෙල්ලෝ මේකේ දාගෙන කොහොමද.
හැබැයි ලස්සන කොල්ලෝ නම් තුන් හතර දෙනෙක් හිටියට වරදක් නෑ. හික්
පෙබ. 22, 2012 @ 22:35:56
ඇයි යකඩො, අච්චර ලියල තියෙද්දි මෙයැයිට පෙනිල තියෙන්නෙ ඒක විතරයි!
පෙබ. 21, 2012 @ 11:47:59
දෙයි හාමුදුරුවනේ ඔයි ඔක්කොම ඕනිද? නයිට් වරුනුයි රෝමන් සොල්දාදුවනුයි එකට? හාකො හාකො හික්
ඔය ඇතිද ඉතින්? මිසරයේ මමීල, නයිල් ගඟේ ඔරු පැදිලි, බැස්ටීලයෙන් පැන යාම්, මුල්ලේරියා හටන, නට්සින් ගෙන් බේරී ඈත කඳු ප්‍රාන්තයට පලා යාම, ශ්‍රේෂ්ට ඔක්තෝම්බර් විප්ලවය, පිටසක්වල ජීවීන් විසින් පැහැරගැනීම… ඒවා එපාද?
හරි හරි ඔය මොනවා නැතත් කෙටේරි අතින්ගත් වයිකින්ග් වරයෙක් සහ ලස්සන කෙල්ලෙක් (එක්කෙනෙක් ඇතිද මන්ද) නම් අනිවා දෙන්නම්!
පෙබ. 21, 2012 @ 07:10:48
ඔය ලියලා තියෙන්නෙ ඇතියන්තන්……..
සීදේවි…………… හික්…..!
පෙබ. 21, 2012 @ 11:54:20
ඔයා ඔය කින්ඩියට හිනා උනාට නෝනා මහත්තයට නිකමට පොඩ්ඩක් සීදේවි කියල බලන්ටකෝ.
අත්දුටුවයි සත්තයි
හී හී !