කාන්දම් ඇස්



හිත අවදි කරන කෝපි සුවඳ ත් එක්ක අදත් ඇවිත්. මටත් නොදැනීම හිත කෝල වෙනවා. කොළ පාට ඇස් දෙක හිනා වෙනවා නෙවි, හිනාව උතුරවනවා. ඉතින් මම ත් නිකන් ඉඳීද?
“ඔයා ඔය කියන්නේ ඇත්තටද? විහිළුවටද? මට තෝර ගන්ට අමාරුයි.”
කොළ පාට ඇස් දෙකට තවම මගේ කළු පාට ඇස් දෙක කියවන්ට බැහැලු.
“මේක හරියන එකක් නෙවි”
“ඇයි?”
ඇයි? මටත් ප්‍රශ්නයක්.
සමහර විට අර ගිනි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බය නිසා වෙන්ට ඇති.
එහෙම නෙවෙන්නත් ඉඩ තියෙනවා. මනුස්ස හදවත් කොහොමටත් සංකීර්ණ වැඩියි.
“ඇස් කතා කලාට හදවත් කතා කරලා නැහැ.”
“ඉතින්?”
ඉතින්? ඇත්තටම ජීවිතේ මෙච්චර සරලද?
කඳු පල්ලමක් දිගේ ලිස්සගෙන පහතට වැටෙනවා වගේ මට දැනෙන්නේ ඇයි? ලොකුම ලොකු කාන්දමකින් මාව ඇදිල යනවා වගේ මට දැනෙන්නේ ඇයි?
ප්‍රතිරෝධය පෑම සම්පුර්ණයෙන්ම නිෂ්පල දේ වලට ප්‍රතිරෝධය පෑමේත් එක්තරා විඳීමක් තියෙනවා කියල මට හිතෙනවා.

 

Before this river
Becomes an ocean
Before you throw my heart back on the floor
Oh baby I reconsider
My foolish notion
Well I need someone to hold me
But I’ll wait for something more

මැදියම පිපුණු කුසුමක් – 11


<<10 කොටස

වහා මා පාර්සලය ලෙහා බැලු යේ උපන් දින උදයේ මාපියන්ගෙන් ලද තෑගී මොනවාදැයි බැලීමට දගලන කුඩා දැරියක් මෙන් නොඉවසිල්ලෙනි.

පාර්සලය තුල වුයේ බරැති සටහන් පොතකි. පොත පෙරලා බැලු විට පටු එහෙත් උස්, බැඳි ඉංග්‍රීසි අත් අකුරු වලින් එය පිරී ඇති බැව් පෙනිණ. එක දිගට ලියුවක් නොව, කාලයක් තිස්සේ විටින් විට ලියුවක් යයි සටහන් ඔස්සේ නෙත් යැවු මට සිතිණ.
පෙරළද්දී පොතේ මුල් හරියේ තිබු තනි කොලයක් බිමට වැටුණි. එහි ලියා තිබු දෙය දුටු මට මේ සියලු චිත්ත පීඩා මධ්‍යයේ වුවද සිහින් සිනහවක් මතු වනු වලකා ගත නොහැකි විය.
එහි තිබුනේ එක වැකියකි.
‘මගේ ආඩම්බරකාර සීදේවි, මම අර අමාරුවෙන් හොයාගත්ත රෝස පොහොට්ටුව පරවෙන්න නොදා, වහාම එලියට ඇවිත් අරගන්ට’

මනුෂ්‍ය වේවා පිසාච වේවා කවරෙක් වුවද මා මෙතරම් හොඳින් කියවන්ට දන්නා අයෙක්ගේ අහිංසක ඉල්ලීම ක් පහර හරින්නේ කෙසේද?

* * *
මෙතෙක් කල් මගේ කතාව සාවධානව අසා සිටි අදරැති පාඨකයාණෙනි, දැන් ඔබට නැවතත් අර උතුරු මුහුද අසබඩ හිමෙන් වැසුනු දේශයක් ජන්ම භුමිය වූ නිල්වන් නෙත් ඇති හේවායා සහ, ඔහුගේ සිත ගත් උණුසුම් සදාහරිත දුපතේ රජ කුමරියගේ කතාන්තරය කියන්ට සිදුවේ.

මන්ද යත්, ඒ සටහන් පොතේ එරික් විසින් ලියා තිබුනේ ඔහු පෙරදා ජැටියේ හිඳගෙන කීමට පටන් ගත් ඒ කතාව නිසාය.

ඔහු කතාව නැවත් වුයේ අසල්වැසි රාජ්‍යයක නුදුටු කුමරෙකුට තීන්දු වූ සොළොස් වියැති රජ කුමරිය ගේ අයිතිය තමන් සතු කරගැනීමේ උහතෝකොටික ප්‍රශ්නයේ හේවායා පැටලී සිටි වේලෙහිය. විසි එක වන ශත වර්ෂයේ සිට, නැවතත් නව වන ශත වර්ෂයට හදිසියේ මෙසේ කාල තරණය කිරීමට සිදු වීම ගැන මම ඔබෙන් සමාව අයදිමි න්ම එතැන් සිට කතාන්තරය යළි අරඹමි…

 

මැදියම පිපුණු කුසුමක් – 10


<<9 කොටස

ඒ රැයේ මගේ නින්ද විකාර රූපී සිහින රැසකින් පිරී ගියක් විය. විටෙක ලෝහමය සන්නාහයෙන් සැරසුණු රන් හිසකෙස් සහිත රුවක් එරික්ගේ ප්‍රතාපවත් උවන හා ඡේදනය විය. විටෙක මගේ මුහුණ ට එබී ප්‍රේමණීය බැල්මෙන් සිනාසෙන ඔහුම තවත් විටෙක පිසාච වේශයෙන් මුව දෙපසින් බේරී යන රුධිරය නැවත ඇඟිල්ලකින් ගෙන කෑදර කමින් මුව තුලට රුවා ක්‍රෑර ලෙස සිනා සුණේය.

ඒ මේ අත පෙරෙලමින් නොසන්සුන්ව රැය පහන් කල නිසාදෝ වෙනදා උදෑසන අවදි වෙද්දී තිබෙන ප්‍රබෝධය වෙනුවට මට දැනුනේ පාලු මුසල බවකි.

පෙරදා රැයේ සිදුවුයේ කුමක්ද? ඒ සැබවින්ම සිදු වුවක්ද? නැතිනම් සිහිනයක්ද? නැත. මගේ අතේ තුවාල එපරිදිමය. සිහිනයක් නොවේ. එසේ නම් එරික්…

ඕනෑම ප්‍රශ්නයකදී සිහි බුද්ධිය ඇතිව කල්පනා කරන්ට නම් සැර කෝපි කෝප්පයක් බීම මගේ කෝකටත් තෛලයයි. පහත මාලයට ගොස් කෝපි උගුරක් බොනු වස් කාමරයේ දොර හැරියේ එබැවිනි. දොර අරින විටම මට දොර පිටත මොනවා නමුත් කවුරුන් හෝ තබා ගොස් ඇති බැව් දැනුනි.

කාමරයේ දොරකඩ බිම වුයේ මගේ නම ලියු බරැති පාර්සලයකි. ඒ මත, යන්තම් පිපීගෙන එන විටම කැඩූ තද රත් පැහැ රෝස කැකුලකි. පාර්සලයේ වූ අත් අකුරු නොහඳුන මුත් මේවා කාගෙන්දැයි මට සිතාගත නොහැකි වුයේ නැත.
කෝපි බීම පසෙක ලු මම රෝස කැකුළ එතනම තියෙද්දී, පාර්සලය පමණක් රැගෙන කාමරය ට වැද ගත්තෙමි.