වහා මා පාර්සලය ලෙහා බැලු යේ උපන් දින උදයේ මාපියන්ගෙන් ලද තෑගී මොනවාදැයි බැලීමට දගලන කුඩා දැරියක් මෙන් නොඉවසිල්ලෙනි.
පාර්සලය තුල වුයේ බරැති සටහන් පොතකි. පොත පෙරලා බැලු විට පටු එහෙත් උස්, බැඳි ඉංග්‍රීසි අත් අකුරු වලින් එය පිරී ඇති බැව් පෙනිණ. එක දිගට ලියුවක් නොව, කාලයක් තිස්සේ විටින් විට ලියුවක් යයි සටහන් ඔස්සේ නෙත් යැවු මට සිතිණ.
පෙරළද්දී පොතේ මුල් හරියේ තිබු තනි කොලයක් බිමට වැටුණි. එහි ලියා තිබු දෙය දුටු මට මේ සියලු චිත්ත පීඩා මධ්‍යයේ වුවද සිහින් සිනහවක් මතු වනු වලකා ගත නොහැකි විය.
එහි තිබුනේ එක වැකියකි.
‘මගේ ආඩම්බරකාර සීදේවි, මම අර අමාරුවෙන් හොයාගත්ත රෝස පොහොට්ටුව පරවෙන්න නොදා, වහාම එලියට ඇවිත් අරගන්ට’
මනුෂ්‍ය වේවා පිසාච වේවා කවරෙක් වුවද මා මෙතරම් හොඳින් කියවන්ට දන්නා අයෙක්ගේ අහිංසක ඉල්ලීම ක් පහර හරින්නේ කෙසේද?
* * *
මෙතෙක් කල් මගේ කතාව සාවධානව අසා සිටි අදරැති පාඨකයාණෙනි, දැන් ඔබට නැවතත් අර උතුරු මුහුද අසබඩ හිමෙන් වැසුනු දේශයක් ජන්ම භුමිය වූ නිල්වන් නෙත් ඇති හේවායා සහ, ඔහුගේ සිත ගත් උණුසුම් සදාහරිත දුපතේ රජ කුමරියගේ කතාන්තරය කියන්ට සිදුවේ.
මන්ද යත්, ඒ සටහන් පොතේ එරික් විසින් ලියා තිබුනේ ඔහු පෙරදා ජැටියේ හිඳගෙන කීමට පටන් ගත් ඒ කතාව නිසාය.
ඔහු කතාව නැවත් වුයේ අසල්වැසි රාජ්‍යයක නුදුටු කුමරෙකුට තීන්දු වූ සොළොස් වියැති රජ කුමරිය ගේ අයිතිය තමන් සතු කරගැනීමේ උහතෝකොටික ප්‍රශ්නයේ හේවායා පැටලී සිටි වේලෙහිය. විසි එක වන ශත වර්ෂයේ සිට, නැවතත් නව වන ශත වර්ෂයට හදිසියේ මෙසේ කාල තරණය කිරීමට සිදු වීම ගැන මම ඔබෙන් සමාව අයදිමි න්ම එතැන් සිට කතාන්තරය යළි අරඹමි…
මාර්තු 01, 2012 @ 13:52:04
/ මෙතෙක් කල් මගේ කතාව සාවධානව අසා සිටි අදරැති පාඨකයාණෙනි…/
හුහ්,….. සාවධානව අසාසිටි අදරැති……අම්මප ඒක කියාපු ලස්සන කටේ තොලේ නොගෑවී…….අදරැති….මොකටද මම කියන්නෙ එහෙම, අදරැති……. 🙂
මේං මෙහෙම සංසෝදනේ කොරාපිය අමෝ ඔය කෑල්ල…ඇහුණද?
මෙතෙක් කල් මගේ දයාබර මෑණියන් ස්මරණය කරමින් හෝ මගේ කතාව අසාසිටි…..
මාර්තු 03, 2012 @ 08:30:25
අත් අකුරු නම් එයාගේ වගේමයි.
අපොයි අපි දැන් ආපහු යන්නේ ඉස්සරහටද? පස්සටද? 😀
අප්‍රේල් 04, 2012 @ 07:16:25
කෝ මේ අපූර්වා නෝනා
මෙට්‍රො පොලීසියෙන් වත් කුදලන් ගිහින්ද?