හිත අවදි කරන කෝපි සුවඳ ත් එක්ක අදත් ඇවිත්. මටත් නොදැනීම හිත කෝල වෙනවා. කොළ පාට ඇස් දෙක හිනා වෙනවා නෙවි, හිනාව උතුරවනවා. ඉතින් මම ත් නිකන් ඉඳීද?
“ඔයා ඔය කියන්නේ ඇත්තටද? විහිළුවටද? මට තෝර ගන්ට අමාරුයි.”
කොළ පාට ඇස් දෙකට තවම මගේ කළු පාට ඇස් දෙක කියවන්ට බැහැලු.
“මේක හරියන එකක් නෙවි”
“ඇයි?”
ඇයි? මටත් ප්රශ්නයක්.
සමහර විට අර ගිනි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බය නිසා වෙන්ට ඇති.
එහෙම නෙවෙන්නත් ඉඩ තියෙනවා. මනුස්ස හදවත් කොහොමටත් සංකීර්ණ වැඩියි.
“ඇස් කතා කලාට හදවත් කතා කරලා නැහැ.”
“ඉතින්?”
ඉතින්? ඇත්තටම ජීවිතේ මෙච්චර සරලද?
කඳු පල්ලමක් දිගේ ලිස්සගෙන පහතට වැටෙනවා වගේ මට දැනෙන්නේ ඇයි? ලොකුම ලොකු කාන්දමකින් මාව ඇදිල යනවා වගේ මට දැනෙන්නේ ඇයි?
ප්රතිරෝධය පෑම සම්පුර්ණයෙන්ම නිෂ්පල දේ වලට ප්රතිරෝධය පෑමේත් එක්තරා විඳීමක් තියෙනවා කියල මට හිතෙනවා.
Before this river
Becomes an ocean
Before you throw my heart back on the floor
Oh baby I reconsider
My foolish notion
Well I need someone to hold me
But I’ll wait for something more
මාර්තු 09, 2012 @ 07:55:13
Oh God….ඒ පාර අමාට ලෙඩේ හැදීගෙන එනවා වගේ. ඔය ඇස්වලින් කතා කරන්ට යනවා නේද එතකොට දැනගන්ට ඔක්කොම ඉවරබව හොඳේ. අත්දැකීමෙන් මේ කියන්නේ.
කොලපාට ඇස්? ෂා…මාර ලස්සන ඇති.
//But I’ll wait for something more//
පිස්සු කතා කරනවද? :D:D:D
මාර්තු 12, 2012 @ 07:58:45
//ඔය ඇස්වලින් කතා කරන්ට යනවා නේද එතකොට දැනගන්ට ඔක්කොම ඉවරබව හොඳේ. අත්දැකීමෙන් මේ කියන්නේ.//
හි හි එකත් එහෙමද?
ඒත් එහෙම කියල බැහැ පොඩ්ඩි. මට මේ දැනෙන්නේ මොකද්ද කියල තව හිතල බලන්ට ඕනේ. දැන් චංචල වැඩි මගේ හිත. මෙහෙම තියාගෙන නිදහසේ හිතන්ට බැහැ.
නිසල විලක් වගේ හිත පැහැදිලි උනහම, ඒ පැහැදිලි දියට එබිලා බැලුවාම, මට එතකොටත් පෙනෙන්නේ කොළ පාට ඇස් දෙකක් විතරම නම්, එහෙමනම් මට කෙලින් තීරණයක් ගන්ට ඇහැකි.
මාර්තු 09, 2012 @ 13:27:15
Waiting for something more,
No matter if its in vain or not,
Illusions in this world are not for you to hold,
But to bask in the warmth when you have the chance,
With no remorse afterwards,
Nor any regrets at all,
මාර්තු 12, 2012 @ 08:00:23
Perhaps you are right Ravi ayya. I know I overthink things. I guess I’m just scared to let my heart break again…
මාර්තු 12, 2012 @ 13:44:25
I can understand what you are going thro’ Ama Nangi, well almost anyway,
There is always the risk , more so when your life is at stake,
What could I do other than say Good Luck & my most sincerest best wishes 🙂
මාර්තු 11, 2012 @ 10:57:49
ජීවිතේ සරල නම් කොච්චර ශෝක්ද !!
ඒත් සරල යෑ. නෑ නේ.
මාර්තු 12, 2012 @ 08:13:07
මටත් දැනෙන්නේ ජීවිතේ ගොඩක් සංකීරණ දෙයක් හැටියට.
ඒත් කොළ පාට ඇස් වලට තියෙන්නේ හරිම සරල ජීවන දැක්මක්.
ඇත්තටම මේ ජීවිතේ සංකීරණ කරගන්නේ අපිමද?
මාර්තු 13, 2012 @ 13:31:22
එහේ මෙහේ අපිට සද්ද දාපු චන්ඩි කව්ද කියල බලල දෙකක් කියල යන්ඩ ආවෙ.
කොහෙද ඉතින්, සෙන්ටිමෙන්ටල් සීන් එකක් වගේ.
අර කතාව දාන්ඩ මේ ඇඩ් නොදා 😀