ඝන තුරු වදුලෙන් ගැවසී ගත් නිවර්තන වන බිමක, ඇද හැලෙන දිය ඇල්ලක් අසබඩ වන ගල් තලාවක ඈඳී ගත් ආරෝහ පරිනාහ දේහ දාරියෙකි. සදාත වර්ණ හමින් ද, දික් වූ රන්වන් කෙස් වැටියකින් ද යුතු වු හෙතෙම මෙසේ හුදෙකලාව ඈඳී ගෙන සිටින්නේ හුදෙක්ම ස්වානුභූතිය තකා නොවේ. ඔහු මේ සිටින්නේ දහසකුත් එකක් බාධක මැද ඔහු හමුවීමට එන යමෙක් හමු වීමටය. එතකුදු වුවත්, සිය මව් රටේ නොලැබෙන මෙවන් රන් හිරු රැස් සිත් සේ විඳීමට ඇති අවස්තාවක් පැහැර හැරීමට තරම් හේ මෝඩයකුද නොවේ…
ඉදින් තවත් අටුවා ටීපා අනවශ්‍යය. මේ කියනුයේ කතාන්තරයේ හේවායා පිලිබඳ බව දැන් ඔබ තේරුම්ගෙන ඇති බව දනිමි පාඨකයාණෙනි.
එතෙක් වේලා පියා ගත් දෑසින් සැතපී හුන් හේවායා ගේ මුහුණේ හදිසියේම සනිටුහන් වුයේ පරීක්ෂාකාරී බැල්මකි. විවෘත වූ නිල්වන් දෑසෙන් හාත්පස සිසාරා යවමින්, වනයේ ඇසෙන ශබ්ද වෙත සවන් යොමාගෙන, මද වෙලාවක් අනවරත ඉරියව්වෙන් ම හේ සිටියේ අනතුරක් ඉව වැටුණාක් මෙනි. එහෙත් මොහොතකින් ඔහුගේ සුපරික්ෂාකාරී ඉරියව්ව වෙනස් විය. සියුම් මන්දස්මිතයක් ඔහුගේ කඩවසම් මුහුණ හරහා ඇඳී ගියේය. අනතුරුව කිසිවක් සිදු නුනාක් මෙන් හේවායා යලිත් අලස ස්වභාවයෙන් ගල් තලාව මත ඇඳි ගෙන දෑස පියාගත්තේය.
මේ අතරේ දී, යම් කිසිවෙක් හේවායාගේ අවධානයට ලක් නොවනු පිණිස සියුම් අඩි තබමින් ගල් තලාව මතට එමින් පැවතිණ. ඔහුට සිය ආගමනය නොදැනෙනු පිණිස සිය ආශ්වාස ප්‍රශ්වාසයද වෑයමෙන් පාලනය කිරීමට යත්න දරමින් කෙමෙන් හේවායා වෙතට ලංවන මේ අමුත්තා කවරෙක්ද?
නිසොල්මන්ව නිදන හේවායා අසලටම විත් නැවතී දර්ශාස්වාදක ලීලාවෙන් ඔහු දෙස මදක් බලාසිටි මේ අමුත්තා හට එවර සිදුවුයේ නොසිතු විරූ ඇබැද්දියකි.
ඒ වහා ක්‍රියාත්මක වූ හේවායාගේ දකුණතින්, මේ අමුත්තාගේ වමත දැඩිව ග්‍රහණයට ගත් හෙයිනි.
බලාපොරොත්තු නොවූ සිද්ධිය නිසා අමුත්තා හට හඬ නගා කෑ ගැසෙන්නට ගියද එය ව්‍යර්ථ වුයේ, හේවායා අතින් ඇද තමා වෙත ලං කරවා ගෙන, අමුත්තා ගේ මුව ට මුව තබා අතිශය ලාලසී හාදුවක් ඇයට දීමට ගත් නිසාය. ඒ මොහොතේ අමුත්තාද විසල් කරගත් දෑසින්, ත්‍රාසයෙන් කැළඹී සිටිය බවක් පෙනුනද, සුළු මොහොතකින් ඇයද හේවායා සමඟ හරි හරියට චුම්බන හුවමාරු තරඟය කර ගෙන යන අයුරු දක්නට ලැබුණි.
සුවඳ දුම් කවා, තදින් බැඳ තිබුණු ඇයගේ වරලසේ ඒ සියලු බැඳුම් ලෙහා දමා, විසිරෙන කෙහෙරැලි අතරින් සිය ඇඟිලි යැවීමට හේවායාට තිබුණු හදිසිය ගැන ඇයගේ සේවිකාවන් කලින් දැන හුන්නානම්, එතරම් වේලා ගෙන මල් ගවසා විසිතුරු ලෙස සිය ස්වාමි දුවගේ කෙහෙ වැටිය සැරසීමට මහන්සි නොවනු ඇත.
පෙම්බරිය ගේ සුමුදු රන්වන් ගෙලත්, සිය නොඉවසිලිමත් දෙතොලත් අතරට බාධා කිරීම නිසා ඈ ගෙල පැළඳ සිටි මුතුහරද ගලවා ඉවතට දැමීමට හේවායා යුහුසුළු විය.
කෙසේ වුවත්, මෙසේ මද වෙලාවක් හේවායාට සිත් සේ ඇයව ලාලනය කිරීමට ඉඩ දුන්නද, ඔහුගේ සෙල්ලම නවත්වන ලෙස මුදු මොලොක් අණක් ලැබුනේ, අසරණ හේවායා මහත් සේ කම්පාවට පත් කරමින්ය.
අප්‍රේල් 05, 2012 @ 05:47:05
ඔය ලලනාවො නම් ඔහොම්ම තමයි 😛
අප්‍රේල් 05, 2012 @ 16:19:33
ඔහොමයි කීවේ ඒ කොහොමෙයි සුදෝ? 😛
අප්‍රේල් 09, 2012 @ 07:59:03
හැම වෙලේම අසරන අපිව කම්පා කරන වැඩමයි සුදෝ කරන්නෙ…….:P
අප්‍රේල් 05, 2012 @ 09:41:48
මෙන්න ඇක්ෂන්…:D:D:D
මම හිතුවේ මෙයාගේ ඇසුත් කොල පාටයි කියලා.:)
අප්‍රේල් 05, 2012 @ 16:16:32
හි හි නැහැ මෙයාගේ ඇස් කොළට හුරු දීප්තිමත් නිල්. ඔයා ගිහින් තියෙනවද නිලාවැලි වෙරළට? අන්න එහේ මුහුදේ වතුර ත් මේ පාටයි.
ඇක්ෂන් කියද්දී මට මතක් වෙන්නේ අර පරිප්පු ඉස්කෝලේ අපේ යාලුවෙක් ඕන්!
අප්‍රේල් 06, 2012 @ 00:06:50
මටත් එයාවමයි මතක් උනේ… 🙂
අප්‍රේල් 06, 2012 @ 21:43:22
අපිත් දන්න කෙනෙක් වෙන්ටෑ? 😀 😀
ටාර්සන් සීරීස් එක සෑහෙන්න කියවල තියෙනව වගේ?
සීන් එක මගින් නවත්වා තිබීම සම්බන්ධව මාගේ බලවත් විරෝධය!!
අප්‍රේල් 13, 2012 @ 17:59:20
බලන්ට ඉතින්. මෙච්චර මේ ඇක්ෂන් දීලත් මෙයාගේ විරෝධේ 😛
අප්‍රේල් 05, 2012 @ 16:04:11
හඬ නඟා කියවා ආස්වාදයක් ලබත හැකි වචන ගැලපීමක් … සිංහල දන්න කවුරුත් ළඟ පාතක නැති හන්දා හොඳයි නැත්නම් මේ වයසක ආච්චි මේ මොනවා කියවනවා ද කියල හිතයි!!!!
අප්‍රේල් 05, 2012 @ 16:12:45
කව්දැයි දෙය්යනේ වයසක ආච්චි?
අපි දැක්කනේ අර අක්කගේ ළඟදී ගත්තු ෆොටෝ. අර හිටියේ පොඩි කෙල්ල වාගේ ලස්සනට!
අප්‍රේල් 05, 2012 @ 17:17:26
අදයි මේ කතාව ඔක්කොම කියෙව්වේ.හරිම සිත් ඇද ගන්නා සුළුයි. අමා ඔයා ලියන ශෛලිය අමුතුයි. ඒත් හරිම ආකර්ශනීයයයි…. සදා ජය……!!!
අප්‍රේල් 06, 2012 @ 14:43:20
කලින් දැකල නෑනේ.
සාදරයෙන් පිලිගන්නවා මගේ පුංචි ලියමනට !
අප්‍රේල් 06, 2012 @ 12:17:46
එම්බල නීච ස්ත්‍රිය….කිමෙක්ද තොප මේ විස්තර කරනා අශ්ලීල සිදුවීම්?….සත්‍යයක්ම පවසමි. මා සර්වාංගයේ සියලු රෝම කූපයෝ එකක් නෑර විළියෙන් මිරිකී ගියෝය. සිරුර කිළිපොලා ගියේයැ….අහෝ දෙදහස් පන්සිය වරරෙක් පුරා ජීවිත පරිත්‍යාගයෙන් අප රැකගත් සභ්‍යත්වය තෙල නොදැමුණු දුෂ්ඨ හේවායෙකු එක් නිර්ලජ්ජිත ඉතිරියක හා එකව තොප විනාශ කරනා අයුරු…මසිත කෙසේ නම් වාවන්නේද? 😦 😦
ඒයි..අර සදාත වර්ණ කියන්නෙ මොකක්ද බොල?……
නියමෙට ලියල තියනව බං….ගෙදර ගිය දවසක මේ සීන්ස් එක ඇට් කොරන්නයි මම හිතාගෙන ඉන්නෙ…..හෙහ්, හෙහ්,
අප්‍රේල් 06, 2012 @ 14:47:55
හා හා රවී අයියේ ඔයා මේ නහින දෙහින කාලේ ඔය එක එක සීන් ඇක්ට් කරන්ට ගොහින් අතපය කඩා ගන්නවා හෙම නෙවි. ඕන් අපිට රුපියල් දහයේ නෙස්ටොමෝල්ට් ඇන්න ඔයාව බලන්ට එන්න වෙයි ඒ පාර.
ප ලි: ඇගයීමට හොඳටම ස්තුතියි අයියේ. අයිය වගේ බ්ලොග් ලෝකයේ තල්මහෙක්ගෙන් මන් වාගේ පුංචි හාල් මැස්සියෙක්ට මේ වාගේ ඇගයීම් ගොඩක් වටිනවා.
අප්‍රේල් 07, 2012 @ 08:21:04
මොන තල්මහෙක්ද බං…සික් ලැජ්ජාවෙ බෑ…බලාපං උඹත් කියන එව්ව 😦
දැං ටිකකට ඉස්සෙල්ල උන එකක් කියන්නද?… ඔන්න මම ඔෆිස් එකේ උඹ ලියාපු මේ හේවායයි අර කුමාරිගෙයි සීන් එක කියව කියව උන්න කියාපංකො…අම්මප දෙතුන් සැරයක්ම කවුරු හරි නිස්සබ්දව මයෙ පස්සෙං එනව වගෙ දැනිල හැරිල බැලුව…ම්හු කවුරුත්ම නෑ…අපෙ තේ කෝපි හදන්ට ඉන්නෙ ඉටිකිරිස් වගෙ චෝටි බෙහෙන් කෙනෙක්…මයෙ කරුමෙට ඒකි තේ එකකුත් ඇන්න ඔය වෙලාවෙ ආවනං එහෙම ……ආයේ නෑ බඩු බනිස් තමයි.
දන්නවනෙ …මෙහෙ සෙල්ලං බෑ..ප්‍රසිද්දියෙ කස පහර සහ ඊළඟට පිටුවහල්….අම්මප උඹ නම් දවසක මාව ලොකු අමාරුවක දාල තමයි පස්ස බලන්නෙ…මම අද කිව්වයි කියල හිතා ගනිං… 🙂
අප්‍රේල් 13, 2012 @ 18:01:07
//දෙතුන් සැරයක්ම කවුරු හරි නිස්සබ්දව මයෙ පස්සෙං එනව වගෙ දැනිල හැරිල බැලුව…ම්හු කවුරුත්ම නෑ//
ඔය නං අයියේ දිස්ටිය 😛
අප්‍රේල් 06, 2012 @ 14:48:51
ආ සදාත කිව්වේ සුදු පාටට
අප්‍රේල් 08, 2012 @ 16:25:31
අෆ්ෆා මරේ මරු කතාවක්නෙ. ඔන්න අද ඉදන් මාත් කියවනවා හරි ද? දිගට ම ලියන්ඩ…. ඕල් ද බෙස්ට් වේවෝ
අප්‍රේල් 13, 2012 @ 18:02:42
තැන්ක්ස් වේවෝ! දිගටම කතාව එක්කලා රැඳවී ඉන්ටෝ!