කිරිකැටි පුතා ගල් පොත්තක හිර කරලා…
මේ අකුරු පෙලකින් කොහොමද
උඹේ හිනාව දකින්නේ?
ඒත් මං උඹව හොයනවා
ගල් අකුරක කොණක
උඹේ සුවඳ පොදක හෙවනැල්ලක් හරි
හැංගිලා ඇති කියල මට හිතෙන නිසා.
ඒක මට වටිනවා…
Listen to this song : Where have all the flowers gone? by Pete Seeger
මැයි 23, 2012 @ 06:52:19
පව් නේද අමා? දැක්කාම දුකේ බෑ. 😦
මැයි 30, 2012 @ 08:45:10
ඔව් පොඩ්ඩි. මේ පින්තුරේ දැක්කම ඇඬෙනවා නේද?
මැයි 23, 2012 @ 07:48:41
හ්ම්ම්ම් පන බයේ පාරේ ගිය යුගය නිමා කරන්න උර දුන්නු මිනිස්සුන්ගෙ නම් ලිස්ට් එක. මම හමදාම උදේ හවා දකින තැනක්.
අකුරු පෙලින් ඔහුව හෝ ඇයව ඔවුන් දකිනවා ඇති අමා
ඒකයි පීර පීර හොයන්නෙ. අකුරු ටික නොතිබ්බොත් ඔහු හෝ ඇය නෑ කියලා දැනෙයි.
මැයි 30, 2012 @ 08:46:41
මම ඔතෙන්ට ගිහින් නැහැ නිශ්…ඇත්තටම යන්ට වටින තැනක්. ලංකාවට ගිය වෙලාක යන්ට හිතාගෙන ඉන්නේ
මැයි 23, 2012 @ 08:00:40
අනාගතයේ කෙදිනක හෝ මේ සියලු බිරින්දෑවරුන් දූ දරුවන් මේ දේශයෙන් සමුගෙන යනු ඇත. මොවුන්ගේ තොරතුරු වීරකම් ඇතුලත් සියලු ලිපි ගොනුද විනාශ වී යනු ඇත. නමුත් මෙය ලාභය අපේක්ෂාවෙන් කල තවත් කොන්තරාතුවක් නොවෙයිනම් මෙහි නම් කෙටූ මේ ගල් පුවරු චිරාත් කාලයක් මේ දෙරනේ අනාගතයට අතීතය මතක් කරනු ඇත.
මැයි 30, 2012 @ 08:49:53
සත්තකින්ම සිහින. ඛේදවාචකය වන්නේ මේ විරුවන් කල කැපකිරීම මතින් දේශපාලුවෝ ඔවුන්ගේ බඩ වඩා ගැනීමය.
ස්තුතියි ප්‍රතිචාරයට! මගේ ලියමනට සාදරයෙන් පිලිගන්නවා!
මැයි 24, 2012 @ 05:58:42
They are mere names on a stone slab,
No more a face,
No more a smile,
Everybody has forgotten them,
very, very very conveniently,
Other than those who that matter,that cares,
Everytime am walking by,
I wonder,
Was it worth?
Was it necessary?… the ultimete sacrifice… 😦 😦
මැයි 30, 2012 @ 08:53:06
මට මතක් වන්නේ මේ සින්දුව අයියේ…
“නුඹ නැතිව ගියේ මටමයි
මේ රටට නොවෙයි..
මහ පොලොවට මිස මිනිස්කමට
පෙම් නොකරන මේ රටට නෙවෙයි” …
මැයි 30, 2012 @ 09:10:51
“Where have all the young girls gone,
long time passing?
Where have all the young girls gone,
long time ago?
Where have all the young girls gone?
Gone to young men, every one!
When will they ever learn,
when will they ever learn?
Where have all the young men gone,
long time passing?
Where have all the young men gone,
long time ago?
Where have all the young men gone?
Gone to soldiers, every one!
When will they ever learn,
when will they ever learn?
And where have all the soldiers gone,
long time passing?
Where have all the soldiers gone,
long time ago?
Where have all the soldiers gone?
Gone to graveyards, every one!
When will they ever learn,
when will they ever learn?”
මැයි 25, 2012 @ 13:11:15
පරිප්පු හදන්න බැරි උනාට නිසඳැසක් ලියාගන්ට පුළුවන් වගේ!
අපිට නිදහසේ පාරේ බැහැල යන්න, අනාගත පරපුරට යුද්ධයක් නැති රටක ජිවත් වෙන්න මේ මිනිස්සු තමන්ගෙ ජිවිතේ කැප කලා. අද යුද්ධයේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්න දඟලන දේශපාලුවන් කවදාකවත් ඒ වගේ පරිත්‍යාගයක් කරයි ද?…. මේ පුතුන් නැති අම්මලා, සොයුරන් අහිමි සොයුරු සොයුරියන්, සැමියන් නැති බිරින්දෑවරු, තාත්තලා නැති දරුවන්, තමන්ගේ ඉතිරි ජිවිත කාලෙම විඳවන ඒ දුක ඒ දේශපාලුවන්ට කවදාකවත් දැනෙයි ද?…..
“Once that first bullet goes past your head, politics and all that shit just goes right out the window. ” – Hoot (Eric Bana). Black Hawk Down.
මැයි 30, 2012 @ 08:59:13
මේ මිනිස්සුන්ගේ දුක කවදාවත් දේශපාලුවන්ට තේරුම් ගන්ට බැහැ මුහුදු. එයාල තේරුම් ගන්ට උත්සාහ කරන්නෙත් නැහැ. අම්මෙක්ට පුතෙක්ගේ මළගමක් බලන්ට වෙනවා කියන්නේ මොන තරම් දුකක්ද කියල හිතන්නේ නැති දේශපාලුවන්ගේ වැඩ නිසා නෙවෙයිද උතුරේ දකුණේ පුත්තු සිය දාස් ගානක් මියැදුන මේ විනාසේ උනේ…
ප ලි : ඔව් ඔව් Eric Bana කිව්වනම් ඇත්ත වෙන්ට එපාය. මැලිබන් හන්දියේ හැන්ඩියෙක් නේ!!!