මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

මැදියම එළඹෙන්නට හෝරාවක් දෙකක් පමණ තිබු හෙයින් මාළිගයේ පැවතියේ නිහඬ සන්සුන් බවකි. විදුලිය නොමැති ඒ දුරාතීතයේ හිරු සමඟම නින්දට යන්නට මිනිසුන් පුරුදු වී සිටි හෙයිනි. තම පෙම්බරයා සමඟ අතිනත ගෙන, මව් පිය නෑ සියන් හැරදා පතිකුලයට යන ඕනෑම දැරියකට සේම කුමරියගේ හදවතද ශෝකයෙන් බර වී තිබිණි. වෙනසකට වුයේ ඈ යන්නේ නැවත නොඑන්නටම වී මය.

* * *

ඔවුන් දෙදෙනා මාළිගයේ රැකවල්ලන්ගේ ඇස් වසා මාතොටට ආ අන්දම විස්තර සහ සිතියම් සහිතව සටහන් වී තිබුනද ඒ ඔබ වෙත කීමට නොයන්නේ මේ වෘතාන්තය අනවශ්‍ය ලෙස සංකීර්ණ නොකරනු වස් ය. ගමනෙන් හරි අඩක්ම අසු පිටින් ගෙවා, ඉන් ඉක්බිති ප්‍රධාන මාර්ග මග හැරීමේ අවශ්‍යතාවයත්, අවධානයට ලක් නොවීම පිණිසත්, පයින්ම වන මන් පෙත් ඔස්සේ දින ගණනක වෙහෙසකර ගමනකින් පසුව කුමරියත් හේවායාත් මාතොට හෙවත්  අනුරාධපුර රාජධානි සමයේ ලක්දිව කාර්යබහුලම වෙළඳ වරාය ට ලංවූ බව පමණක් පවසමි.


උකුසු ඇස් වලින් වසන් වනු වස්, හේවායා සහ ඔහුගේ ආදරවන්තිය මාතොටට ලඟා වුයේ දිගු ගන ලෝගු පොරවා ගත් පර්සියානු වෙළෙන්දකු සහ ඔහුගේ බාල සොහොයුරා ලෙස සැරසී ගෙන ය. මදටිය සහ ගඩොල් වර්ණ කල හෙයින් හේවායාගේ රන්වන් හිස තද දුඹුරු පැහැයෙන් දිස්විය. යන්තමින් පහන් දැලි තැවරූ මුහුණ පමණක් පෙනෙන ලෙස හැඳ සිටි කුමරිය වයස සොලොස්විය නොඉක්මවූ කොලුවෙකු ගේ වෙස් ගත්තාය. දෙරටක රාජ උදහසින් බේරීමට මෙන්ම, විෂම කයිරාටිකයන් සහ සල්ලාලයන් ගහණ වෙළෙඳ තොටෙහි දී කුමරියගේ ආරක්ෂාව පතාද මේ වෙස් ගැන්වීම සිදු විය.


‘සීදේවි ඉතින් ඔය පෙනෙන්නේ අපේ නැව තමයි…අද ඉර බහින්ට මත්තෙන් යාත්‍රා කරන්ට යෙදී තියෙන්නේ’
මාතොට වරායේ ගල් බැම්ම මත සිටගෙන, පහත වෙරළේ නැංගුරම් ලා වූ නෞකා තිහ හතළිහක් මැද්දේ එකක් පෙන්වමින් හේවායා පැවසුවේය. සිය පෙම්බරයා සමඟ මව් රටින් තමා ඈතට ගෙන යාමට නියමිත ඒ ඉරණම යාත්‍රාව දෙස කුමරිය බැලුවේ විසල් කර ගත් දෙනෙතිනි. මෙතරම් මහා ජනකායක්, ඒද අනෙක වර්ණ සමින් සහ අරුම පුදුම බස් තෙපලන, නා නා විධ රෙදි පිලි හැඳගත් ජනකායක්! ඊටත් වඩා මේ පෙණ නගිමින් හෝ හඬ ගසමින් වෙරළ සමඟ දබර කරන තෙරක් නොපෙනෙන මහා ජල කඳක්!


‘මේ පෙනෙන්නේ මාතොට…අපට මුලින් අරාබි මුහුද දිගේ පර්සියානු බොක්කත් පහු කරන් යන්ට ඕනා කරනවා…’ හේවායා ගල් බැම්ම මත දිග හැරගත් නාවික සිතියමක් ඔස්සේ ඇඟිල්ලක් ගෙන යමින් පවසයි. ‘මේ පෙනෙනවාද සීදේවි මේ තමයි අපට යා ගන්ට ඕනා තැන! ඇලෙක්සැන්ඩ්රියාව! මගේ රට තියෙන්නේ අන්න ඒ නැව් තොට ටත් එහායින්…’
කුමරිය මේ සියල්ල අසා සිටියේ කිසිදා දැක නොමැති, රස බලා නැති අපුරු රස කැවිලි විශේෂයක් පිලිබඳ විස්තරයක ට සවන් දෙන කුඩා ළදරියක විලසිනි. අරාබි මුහුද, පර්සියානු බොක්ක, ඇලෙක්සැන්ඩ්රියාව…හද පතුලෙන් පෙණ දමමින් නැගෙන අමුතු ආහ්ලාදයක් මේ නුපුරුදු නම් ගම් ඇය තුල ජනිත කළේය.



‘එහෙනම් එන්ට මගේ කුමාරි… පමා වුවොත් නැවේ අපේ තැන් නැති වෙන්ට පුළුවනි. මොකද කිව්වොත් ඔය නැවියා, ඉබන් වසියා මහ කපටියා. කහවනු කීපෙකට මිනිහගේ අම්ම තාත්ත උනත් විකුණන්ට පුළුවන්…දැන්ම ගියොත් අපට ටිකක් සුව පහසුවක් ඇති නැව් කුටිය ක් තොර ගන්ට බැරි වෙන එකක් නැහැ…’ පොට්ටනි කිහිපය නැවත ඔසවා ගත් හේවායා පැවසුවේ වරාය දෙසට ගමන් අරඹමිනි.
ඔහු ඔස්සේ යාමට පටන් ගත්තද, වහා යමක් මතක් වූවාක් මෙන් කුමරිය මදකට නැවතුනාය.
ඈ පොලොවට පහත් වුයේ රැගෙන යාමට මව් බිමේ සුවඳ ඇති පස් මිටක් ගැනීමට වුවත්, හදිසියේ වේල්ලක් පුපුරා ආ ජල පහරක් මෙන් කුමරියගේ හදවතෙන් නැගී ආවේ හද කකියවන සන්තාපය කි. අතට ගත් පස් මිට දැඩිව ගුලිකර ගත් ඈ දණ බිම ඔබාගෙන ඉකි ගසමින් හඬන්නට වුවාය.
හේවායා ඈ අසල සිටගෙන සිටියත් කිසිත් කියන්නට ගියේ නැති. ඈ කෙතෙක් වෙලා එසේ හැඬුවා දැයි ඇයට අවබෝධයක් නොවීය. හදෙහි නැගුනු දුක් ප්‍රවාහය ගලා අවසාන වන තෙක් ඇයට බාධා නොකළ සිටි බව අවබෝධ කර ගත් හේවායා, ඇගේ හැඩුම සිහින් ඉකියක් වන තෙක් සිට, ඉනික්බිති ඈ ලඟින්ම ඇන තියාගෙන, මෘදු ලෙස ඇගේ දෙකොපොල් පිස දැම්මේය.
ඔහු කිසිත් කීවේ නැත. කිසිවක් කීම අවශ්‍ය වුයේ ද නැත.
මොහොතක් නිසලව සිටි කුමරිය සිය කඳුලැලි පිසින හේවායා ගේ සුරත දෑතින් තරව අල්ලා සිප ගත්තාය. අනතුරුව නිහඬ එකඟතාවයකින් මෙන් එකවර හේවායා සමගම නැගිට ගත් කුමරිය, වරාය දෙසට පහලට ඔහු අනුව ගමන් කරන්නට වුවාය.
ඇය නැවතත් හැරී බැලුවේ නැත.

 

PS : මාතොට යනු වර්තමාන මන්නාරම වේ

Advertisements

ප්‍රතිචාර 12 (+add yours?)

  1. ravisandu
    ජූලි 23, 2012 @ 17:00:21

    උඹ හැබැයි අමා අපරාදෙ කියන්ට බෑ කතාව සොබාවිකවම ලියනව, මම හිතන්නෙ පරියේසන එහෙම සෑහෙන්ට කරනව වෙන්ට ඕන 🙂 🙂

    මම මුලිම්ම රාජකාරියක් කියල කොරේ පුරාවිද්දියාවට සම්බන්ද ආයතනේක…ඒ කාලෙ අපේ හිටපු අද්දියස්ස තුමා ( පොර ඇවිල්ල පුරා විද්දියා ප්‍රොපෙක් ) අනුරාදපුර යුගේ විදේසීය වෙලඳ සබඳතා ගැන, විසේසයෙම්ම සේද මාර්ගය ගැන, පර්යේසනයක් කලා. අනුරාදපුරේ ඉඳල මාතොටට යන්ට හරියටම දවස් 54 ක් යනව කියල මට මතකයි ඒ පර්යේසන පත්‍රිකාවෙ තිබ්බ….හෙහ්, හෙහ්, හරියටම හරිනෙව උඹේ හේවා බුවයි කුමාරි මහගෙයි පිටත් උනේ මැයි 30………ජූලි 23 මාතොටට ආව….අන්තිම තාත්විකයි…කියල වැඩක් නෑ..

    ඔය විදිහටම මම පොඩි පුරෝ කතනයක් කොරන්නෙයි…මේ දෙන්නගෙ ගමන ගැන…ඒ කිව්වෙ හැබැයි අකරතැබ්බක් නොවී දෙන්න නැව් නඟිනව කියල හිතල ඔන්න , හරිය?

    ඒ දවස්වල ලංකාවෙ ඉඳල ඇලෙක්සැන්ඩ්‍රියාවට යන්ට තිබ්බ එකම මාර්ගෙ තමයි අරාබි මුහුද පහු කරල රතු මුහුදෙ අන්තිම කෙරෝලෙ සූවස් වරායට ගිහිල්ල ඊට පස්සෙ ගොඩ බිමින් නයිල් ගඟ දක්වා සහ ඊට පස්සෙ නයිල් ගඟ දිගේ ඇලෙක්සැන්ඩ්‍රියාවට යන එක.

    ඔය ගමනට ඒ කාලෙ තිබ්බෙ රුවල් නැව් නෙව, ගතවෙනව හරියටම මාස තුනක් විතර…ඒ කියන්නෙ කුමාරියි හේවරාලයි සූවස් වරායට සැපත්වෙන එපිසෝඩ් එක උඹ ලියන්නෙ ඔක්තෝබර් 23 වෙනිද. කාන්තාරෙ හරහ නයිල් ගඟට යන්ට යනව තව සති දෙකක්…එතකොට ඊලඟ කොටස නොවැම්බර් 6 වෙනිද. ඇලෙක්සැන්ඩ්‍රියාවට නයිල් ගඟ දිගේ තව දවස් දොලහක් යනව. එතකොට ඒ කොටස නොවැම්බර් 18… 😀

    එතකොට මේ ගොබිලගෙ ගමරට ඊටත් එහා නෙව වයිකිං දේසෙට යන්ට යනව නැව් ගමනට මාස තුනක් වත්…හෙහ්, හෙහ්, ඔන්න මම උඹට හදල දුන්න කාල සටහනක්….තැන්කියු වත් කියාපං ඉතිං 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      ජූලි 25, 2012 @ 05:56:40

      හප්පා රවී ඒපාර රවී සඳු වෙලා. තව ටික දවසක් යනකොට රවී සඳු තාරකා වෙයිද ??

      ඔන්න හෙනම් ඔයයි ට තැන්කු වේවා කිව්වා එකසිය ගානට. හිකිස්!!!

      තාත්වික කතාවක් කිව්වා? හුහ් ඉතින් රවී අයියගේ හිතේ මේ එරික්, කුමාරි, හේවාය මෙයාල නිකන් මට හිතුනු එව්වා කියලද? මෙව්වා ඇවිදින් මේ අමාගේ තාත්වික සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීම් සහ දීර්ග කාලීන් පර්යේෂණ ප්‍රතිපල. මම මෙව්වා ලියන්නේ මේ නිකන් උණු චොකලට් කෝප්පයක් ළඟ තියාන ආතල් එකේ ගිනි මැලයක් ඉස්සරහට වෙලා ඒක බොන ගමනය කියල හිතුවද? මෙව්වා ඔරිජිනල් රිසර්ච්. මැලිබන් හන්දියේ ගල්කණු කියෝලා කැන්ගරු ල ඉන්ටවිව් කරලා මේ ඉතිහාසගත තොරතුරු හොයා ගත්තේ.

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • Ravi
        ජූලි 25, 2012 @ 06:48:30

        බොලායෙ මේ වදංතදේ එක්ක බෑ නෙව…..වදංතද බොලොග් ඔලට කොමෙන්ට් කොරන්න වදංතද පොරෝපයිල් එකක් ඕනිය කියල තිබ්බනෙ කාලයක්….ඒ නිසා හදාගත්තු අනන්නියතාවය තමයි ඔය ” රවිසඳු ”

        නැහ්නං ආයෙ මයෙ අනන්නියතාවෙ එහෙම ලේසියෙන් නෑ වෙනස් වෙන්නෙ…ගලේ කෙටූ සිලා ලේකන වාගෙ තමා. හෙහ්, හෙහ්, අනුරාදපුරේ ගිය වෙලාවක බලාපං මයෙ පොරෝපයිල් එක තාම තියනව විසේසයෙං ඔය අන පනත් නීති රීති දැනුං දීල කොටාපු සෙල් ලිපි ඔල.

  2. praveena
    ජූලි 24, 2012 @ 01:41:38

    දැන් නම් පපුවත් එක්ක ගැහෙනවා. දැන් තමා හොඳම හරියට එන්ට හදන්නේ. හරි ගැහිලා වාඩිවෙලා බලාගෙන ඉන්නවා ඔන්න. පොඩ්ඩක් ඉන්ට කෝපි කෝප්පේ අමතක උනා.

    දැන් කොල්ලකාරයෙක් ඇවිත් කුමාරිව පැහැරගෙන යයිවත්ද?

    අවසාන මොහතේ කුමාරිව දන්න කියන කෙනෙක් ඈ දැක මාලිගාවට පණිවිඩ යවයිද?

    හේවායා ගැන ආරංචියක් ලැබුනු කෙනෙක් ඇවිත් ඔහුව මරාදමයිද?

    හපොයි අමෝ බලා ඉන්ට නම් බැරියෝ…හී හී ……. 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      ජූලි 25, 2012 @ 05:59:42

      අනේ පොඩ්ඩි මගේ ලියන වේගේ සැහෙන ඉක්මන් නිසා ඔයයිට කොපි කෝප්ප සීයක් විතර ඕන වෙයි ඔය බලා ඉන්ට එකට නම්!
      //දැන් කොල්ලකාරයෙක් ඇවිත් කුමාරිව පැහැරගෙන යයිවත්ද?

      අවසාන මොහතේ කුමාරිව දන්න කියන කෙනෙක් ඈ දැක මාලිගාවට පණිවිඩ යවයිද?

      හේවායා ගැන ආරංචියක් ලැබුනු කෙනෙක් ඇවිත් ඔහුව මරාදමයිද?//

      ඔව්ව එකක් වත් නොවෙන්ටත් පුළුවනි ඉතින් 🙂
      අර කොල්ලකාරය නම් ඉතින් ඇක්ෂන් නැත්නම් ඔතෙන්ට එන එකක් නෑ හිකිස්

      ප්‍රති-පිළිතුරු සැපයීම

      • මුහුදු කොල්ලකාරයා
        ජූලි 26, 2012 @ 10:49:43

        පොඩි කාලෙ කියවපු පරිවර්තන පොත් වල අභාෂය හොඳට පේනව. දැන් ඊළඟ කොටස මේ දෙන්න ඇලෙක්සැන්ද්‍රියාවෙන් බහින දවසටද එන්නෙ??

        පොඩ්ඩි
        //දැන් කොල්ලකාරයෙක් ඇවිත් කුමාරිව පැහැරගෙන යයිවත්ද?//

        අපි ඔයි වගේ සිල්ලර වැඩ කරන්නෙ නෑ හරිය? ට්රු ලව් වලට බොක්කෙන් සපෝට් 😀 😀

        අමා
        කිව්වත් වගේ දැන් නැවේ යද්දි සැහෙන්න ඇක්ෂන් තියෙයි නේ? මාස තුනක් විතර කරන්න වැඩකුත් නෑනෙ!!

  3. dgmbassa
    ජූලි 24, 2012 @ 14:26:37

    //දැන් කොල්ලකාරයෙක් ඇවිත් කුමාරිව පැහැරගෙන යයිවත්ද//

    පිස්සුද මෙයා, මාළිගයේ රැකවල්ලන්ගේ ඇස් / උකුසු ඇස් වහපු දෙන්නට කොල්ල කාරයොන්ගෙ ඇස් වහන එක කජ්ජක්ද? බැරිම උනොත් ගත්තා පිටි ටිකක්, මැතිරුව ගැහුව, පැන්නා, ඔය වැහෙන්නෙ යස අගේට උන්දලාගෙ ඇස්? 🙂

    ඈ බොලේ අර ඉබන් වසියාව කොහින්දෑ හොයාගත්තෙ? ඕකා කාගෙද දතක් ගලෝලා පැන්නා කියලයි ආරංචිය. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      ජූලි 25, 2012 @ 06:04:24

      ඔව් අප්පා ඉබන් වසියා මහා කට්ටයෙක් නේ. ගල් කණුවක් කණුවක් ගානේ ඔය උන්දැගේ නම කොටලා තීනවා අනුරාධපුරේ. මන් හිතන්නේ ගල් කණු කොටපු එකාගේ දතක් ගලවල. ඔයයිට කියන්ට, අනුරාධපුරේ එක පැත්තක් තීනවා, ඒ හරියේ ගල් කණු කියවන්ට ගියාම මේ දැන් ටික දවසක ඉඳන් සිංහල බ්ලොග් කියෝනවා වාගේ. හැම තැනම ඉබන් වසියා දත් ගලොපු හැටි කොටලා. අනේ සංසාරේ!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Trackback: මැදියම පිපුණු කුසුමක් – 17 « ස්නේහයේ නගරය
  5. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  6. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  7. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: