මැදියම පිපුණු කුසුමක් – 20


<<මැදියම පිපුණු කුසුමක් – 19

කෙමෙන් ගෙවී යන මැදියම් යාමයේ නැව් කවුළුව තුලින් ගලන සඳ එළියෙන් නැහැවුණු ෆරීදා ගේ සිරුර දෙස ඔහු බලා සිටියේය. ඒ දුටු ෆරීදා ගේ මුහුණෙහි ඇඳී ගියේ දැකුම්කලු සිනහවකි.
දහසක් පිරිමි නෙත් හමුවේ නිරුවත් වන ඈ හට ඒ සියල්ලම හුදු ගැනුම්කාරයින් පමණි.
එහෙත් ඔහුගේ කල්පනාකාරී බැල්ම හමුවේ සියොලඟම සියුම් කිතියකින් කළඹෙන්නේ මන්ද යයි ඇයට තේරුම් ගත නොහැකි විය.


“දන්නවද…” ඇය මේ අර අඳින්නේ කුමක් හෝ ඕපා දුපයක් කියන්ට බව ඔහුට දැනුනි.
ඈ නොදනිතත් ඔහුට ඕපාදුප වැදගත් ය.
“අද අලුත් කෙල්ලක් ඇවිත් තැබෑරුමේ හොර ගල් අහුල අහුල හිටියනේ. මා ව අහල. ඔය එන්නේ මොකටද කියල මන් නොදන්නවය. හඃ වැඩ ඉල්ලගන්ට තමයි! ආයේ දෙකක් නෑ! හැබැයි හරි ලස්සන කෙල්ල”
ෆරීදා මුදා හල දිගු කෙස් කළඹ අතරින් අතැඟිලි යවමින් අවුල් හරින්නට පටන් ගත්තද කතාව නැවත් වුයේ නැත.
“අර අන්තිම වරාය මොකද්ද? මේ ඇත්තෝ නැව් නැග්ගේත් ඒ රටෙන් වෙන්ට ඕනේ..ආන්න එහෙන් ආපු එකියක් වාගේ මට නම් හිතුනේ කතාවෙන් පෙනුමෙන්. හා මෝඩ කෙල්ල! මගෙන් අහනවා මෙහි යන එන අය ගැන…..ඈගේ සොහොයුරා මෙහි යන එනවද කියල දැන ගන්ට ලු ඕනා. ..අර වෙදදුරා ලු ඈට කීවේ ඔහු මා ලඟට එන වග…වෙදදුරා! හඃ අනේ මගේ කට! “


මෙතෙක් වෙලා අඩ සිහියෙන් මෙන් වෙසඟන ගේ දෙඩවිල්ල ට සවන් යොමා සිටි ඔහු, ‘වෙදදුරා’ නම ඇසුණු විගසින් සම්පුර්ණ අවධානය ඇයගේ ‘ඔපාදුපය’ ට යොමු කළේය.
“ඉතින්…මට තේරුනා මෑට මා ළඟ වැඩ කරන්ට ඕනි වෙලා මේ බොරුවට දොඩනවා කියල. නැතිනම් වෙදදුරා කොහේ එනවද මෙහෙ! ඒ ඇත්තෝ කීව කිව්ව එක තනිකර මුසාවක් නේ.”
ඔහු මුල් වතාවට සිය හඬ අවදි කළේය. ” ඇයි? වෙදදුරා මෙහි එන්නේ නැතිද?”


ඊට පිළිතුරු වශයෙන් ඈ කලේ හඬ නගා සිනාසීම ය. “ඒ ඇත්තොන්ට දෙන්ට තරුණ ගැටවු ඉන්න එකක්ය මා ළඟ!”


ෆරීදා ගේ සමච්චල් සිනහවට ඔහුද හවුල් වුවද වෙදැදුරු ගැන සොයන මේ යුවතිය පිලිබඳ සොයා ගත යුතු බව ඔහු අදිටන් කර ගත්තේ සිය උඩු රැවුල දබරැඟිල්ලෙන් අඹරමිනි.

<<මැදියම පිපුණු කුසුමක් – 18

<<මැදියම පිපුණු කුසුමක් – 17

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

මැදියම පිපුණු කුසුමක් – 19


<<මැදියම පිපුණු කුසුමක් – 18

කුටියට ආ හේවායා සිය කර වටා දැවටු සාලුව ගෙන බිත්තියේ එල්ලුවේය. ඔහු එන තෙක් බලා සිටි කුමරිය ඔහු වෙත දිව ගොස්, ඔහුගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුයේ සෙනෙහසිනි. ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය.

සිය පෙම්බරයාගේ ගතෙන් නැඟ එන සුවඳ මෙන් වෙන කිසිවක් ළඳකගේ සිත උණුසුම් කරයිද?
“සීදේවි …”
එහෙත් හේවායාගේ ස්වරයෙහි වුයේ කණස්සල්ලකි.
“මම අර වෙදා ගැන ඇහැ ගහගෙනයි හිටියේ…මිනිහා කහවනු වලට කෑදරය කියල මට අහන්ට ලැබුනා නැවේ මිනිස්සුන්ගෙන්..”
“කහවණු වලට කරන්ට බැරි දේවල් බොහොම හිඟයි මැණික. අපි ළඟ කහවණු නැහැනේ…ඉතින් වෙදරාළ මුකුත් කරනවා දුටුවද?”
“මම එහෙමම දුටුවේ නැහැ සීදේවි…ඒත් ළඟකදී පටන් මිනිහා අතේ කහවණු ගැවෙසෙනවා ය කියලයි තැබෑරුමේ කියන්නේ. මට සැක ඒ ගැනයි…කොහොම නමුත් කුමරී තවම නැව ගොඩ බිමක් පෙනෙන තෙක් මානයේ නැහැ. ඊළඟ නැවතුම වෙන්න ඕනා බෙරෙනිස්…මිසරයේ…එතෙක් ඔය කොයි එකාට උනත් අපට කිසිත් කරන්ට බැහැ. මොකද අපිව කම්මුතු කරන්ට ඕනා නම් දැනටමත් නැවෙන් ලුහුදට තල්ලු කරන්ට තිබුනා! හඃ… බෙරෙනිස් ලං වද්දී අපි ප්‍රවේසම් වෙන්න ඕනා”

යටි තොල සපා ගත් කුමරිය මද වෙලාවක් කල්පනා කළාය. වෙදැදුරා ඔවුන්ව පාවා දුන්නා නම්, නැවේ ගමනාන්තයට ළඟාවීමට පෙර, ඒ කා හට දැයි සොයා ගත යුතු ය.
රජ වාසල ජීවිතයෙන් ඇය එක් දෙයක් උගත්තා නම්, ඒ කහවණු පුරඟන න් වෙතට ද, පුරඟන සියලු රහස් වෙතටද මග පෙන්වන බව ය. නෞකාවේ පුරඟන න් අතලොස්සකි. එහෙත් ඔවුන් හමුවන්නේ කෙසේද? හේවායා නම් තමා එවන් එකියක හා ගැවසෙනවාට තදින් විරුද්ධ වනු බව ඇය දත්තා ය.

එහෙත් මේ ඔහුට කළ හැක්කක් නොවේ. තමාම කළ යුත්තකි.

<<මැදියම පිපුණු කුසුමක් – 17

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

මැදියම පිපුණු කුසුමක් – 18


<<මැදියම පිපුණු කුසුමක් – 17



වියලී ගිය දෙතොල් සහ ගිලාගිය දෙනෙත් රෝගී යුවතියගේ මුහුණට ගෙන දුන්නේ මලානික බවකි. ඇයගේ දිගු කෙස් වැටියේ අවුල් හැර පීරමින් සිටි උත්තුංග දේහ දාරී තරුණයා නම් කිසි විටෙකත් ඔහු කියූ පරිදි තරුණියගේ සොහොයුරා නොවන බව වෙදදුරුට පසක් වී තිබිණි.

“බය වෙන්ට කාරී නැහැ…මේ දරුවා ගේ ඇඟට හරියට කෑමක් වැටිලා නැති නිසා උණ අල්ලලා හිටින්නේ…මුහුදු මත සැරේට දැනෙන ඈයෝ ඉන්නවා. මේ දැරිවි ත් එහෙම කෙනෙක්…ඒකට මම දෙන්නම් පොඩි බෙහෙතක්…වමනේ ගතියයි හිස කැරකිල්ලයි ඇරිලා යන්ට. වැදගත්ම දේ මේ දැරිවි ට ඇඟට පණ එන්න ටික ටික කෑම දෙන එක.”
ශ්වේත වර්ණ දිගු යටි රැවුල අතගාමින්, හේවායාට උපදෙස් දෙන වයෝවෘධ වෙදැදුරු ගේ කාරුණික වදන් කුමරියට ගෙන ආවේ සහනයකි. හේවායාට ගිලන් වූ තමාට නිතර දෙවේලේ උපස්ථාන කිරීමට සිදු වීම පිලිබඳ ඇය සිටියේ කනස්සල්ලෙනි.

ආපසු යාමට හැරුණු වෙදැදුරු මදක් නැවතු හේවායා යමක් කීමට තැත් දරන බවක් පෙනිණි. වෙදැදුරු සිහින් සිනාවක් පෑවේය.
“දරුවා…නුඹ ඔය කීම ට හදන්නේ මේ දැරිවි යක් ය කියල නැවේ කාටවත් කියන්ට එපා කියල නේද? ඒ ගැන කලබල වෙන්න එපා පුතා. තරුණ දැරිවියෝ මේ වගේ නැව් ගමන් වල කැඳව යනකොට හැමෝම කරන දෙයක් ඔය. ඔය දරුවොන්ගේ රහස සුරක්ෂිතයි”

* * *

ඔහු ට අවැසිව තිබු තොරතුර ලැබිණි. සැකය නිවැරදි ය.
කහවණු පොදියක් හුවමාරු විය.
වෙදැදුරු කහවණු ගණන ගැන හමාර කර හිස ඔසවද්දී කාල වර්ණ උඩු රැවුල් කරු අතුරුදන් වී සිටියේය.

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

මැදියම පිපුණු කුසුමක් – 17


<<මැදියම පිපුණු කුසුමක් – 16

ලක්දිව රජ කුමරිය සහ ඇයගේ මුහුදු නිල් ඇස් ඇති පෙම්බරයා රැගත් ඒ නෞකාව, අරාබි මුහුද කරා වූ චාරිකාව එසේ ආරම්භ කළාය.

මේ අල්-සෆීනා නෞකාවේ මගීන් අතරේ, අන්තිම මොහොතේදී නැව්පතිට අල්ලසක් දී ගමනට එක්වූ මගියෙක් ද විය.
ඝන ව වැදුණු තද කළු උඩු රැවුල කරකවමින්, මාතොට යන එන අය නිරික්සමින් දින ගණනක් ගත කල ඔහුට, නැව්තොට අසබඩ දී සදාත සමැති දේහධාරියා සහ ඔහු කැටුව යන හීන්දෑරි කොලු ගැටයා ඇස ගැටුනේ අහම්බෙනි. මද වේලාවක් ඔවුන් වෙත නෙත් යොමා සිටි ඔහු විසින් වහාම ඔවුන් හඹා යාමට තීරණය කරන ලද්දේ දශක කිහිපයක් රාජකීය චර පුරුෂ සේවාවේ යෙදී ලත් අත්දැකීම් නිසා විය හැකිය.

* * *

‘සීදේවි … ඉතින් මේ කැඳ ටික බොන්ට’
හේවායා සිටියේ උදෑසන පටන් කිසිදු අහරක් නොගත් කුමරිය වෙත පින්සෙන්ඩු වෙමිනි. නැව ගමන් අරඹා දින කිහිපයක් ගත ව තිබුනද, කුමරියගේ මුහුදු මත සංසිදී තිබුනේ නැත. දිනකට කිහිප වරක් මතුවන වමනය සහ ඒ සමඟම පවතින ආහාර අරුචිය නිසා නිරාහාරව සිටිමෙන් ඈ දුර්වල ව සිටියා ය. මුලින් නැවේ උඩ තට්ටුවේ මදක් ඇවිද ඒම ට පුරුදු වී සිටියද, නුහුරු සීතල සුළං වලට අසු වීමෙන්දෝ ඇය මද උණෙන් පෙලෙන්ට වීම නිසා එහි යාමද අසීරු වී ඇත.

හේවායා මුහුණ දී සිටියේ උහතොකෝටික ප්‍රශ්නයකට ය.
දිනෙන් දින නරක අතර හැරෙන කුමරිය ගේ අසනීපය ට ඖෂධ හේවායා ළඟ නැත. කරන්නට ඇති එකම දෙය නැවේ වෙදැදුරු හමු වීම ය.
එහෙත් තරුණයෙකු සේ පෙනී සිටින කුමරියගේ වෙස් බැන්දුම වෙදැදුරු හමුවේ ගිලිහෙනු ඇත.

වෙදැදුරු විශ්වාස කල හැකිද?

* * *

ඩෙරියස් අල්-සෆීනා වේ උඩු මහලේ ගරාදියට බර දී,  ඉහළ අහසේ වෙනස් වන තරු රටා දෙස නෙත් යොමාගෙන සිටියේ ය. ඉතා සුදුමැලි වතින් සහ කෙසඟ පෙනුමෙන් යුතු ඔහු දකින අපරීක්ෂ්‍යාකාරී නෙතක් නම්, රෝගී දුබලයකු ලෙස ඔහුව නිෂ්ප්‍රභා කර හරිනු නියතය.
ඔහුගේ නියම ස්වභාවය කෙරෙහි යම් තරමකට හෝ ඔත්තුවක් දැන ගත හැකි වනුයේ ඔහුගේ තියුණු කල්පනාකාරී බැල්ම දකින කෙනෙකුට ය.
නමුත් දිවා කාලයේ ඔහු එලි පහලියට නොබස් හෙයින් නැවේ මගීන්ට ඔහුව දැක ගත හැකි වුයේ සෙවනැලි රජ වන රාත්‍රී කාලයේ පන්දම් එළියෙන් පමණි.

* * *

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1