මැදියම පිපුණු කුසුමක් – 17

<<මැදියම පිපුණු කුසුමක් – 16

ලක්දිව රජ කුමරිය සහ ඇයගේ මුහුදු නිල් ඇස් ඇති පෙම්බරයා රැගත් ඒ නෞකාව, අරාබි මුහුද කරා වූ චාරිකාව එසේ ආරම්භ කළාය.

මේ අල්-සෆීනා නෞකාවේ මගීන් අතරේ, අන්තිම මොහොතේදී නැව්පතිට අල්ලසක් දී ගමනට එක්වූ මගියෙක් ද විය.
ඝන ව වැදුණු තද කළු උඩු රැවුල කරකවමින්, මාතොට යන එන අය නිරික්සමින් දින ගණනක් ගත කල ඔහුට, නැව්තොට අසබඩ දී සදාත සමැති දේහධාරියා සහ ඔහු කැටුව යන හීන්දෑරි කොලු ගැටයා ඇස ගැටුනේ අහම්බෙනි. මද වේලාවක් ඔවුන් වෙත නෙත් යොමා සිටි ඔහු විසින් වහාම ඔවුන් හඹා යාමට තීරණය කරන ලද්දේ දශක කිහිපයක් රාජකීය චර පුරුෂ සේවාවේ යෙදී ලත් අත්දැකීම් නිසා විය හැකිය.

* * *

‘සීදේවි … ඉතින් මේ කැඳ ටික බොන්ට’
හේවායා සිටියේ උදෑසන පටන් කිසිදු අහරක් නොගත් කුමරිය වෙත පින්සෙන්ඩු වෙමිනි. නැව ගමන් අරඹා දින කිහිපයක් ගත ව තිබුනද, කුමරියගේ මුහුදු මත සංසිදී තිබුනේ නැත. දිනකට කිහිප වරක් මතුවන වමනය සහ ඒ සමඟම පවතින ආහාර අරුචිය නිසා නිරාහාරව සිටිමෙන් ඈ දුර්වල ව සිටියා ය. මුලින් නැවේ උඩ තට්ටුවේ මදක් ඇවිද ඒම ට පුරුදු වී සිටියද, නුහුරු සීතල සුළං වලට අසු වීමෙන්දෝ ඇය මද උණෙන් පෙලෙන්ට වීම නිසා එහි යාමද අසීරු වී ඇත.

හේවායා මුහුණ දී සිටියේ උහතොකෝටික ප්‍රශ්නයකට ය.
දිනෙන් දින නරක අතර හැරෙන කුමරිය ගේ අසනීපය ට ඖෂධ හේවායා ළඟ නැත. කරන්නට ඇති එකම දෙය නැවේ වෙදැදුරු හමු වීම ය.
එහෙත් තරුණයෙකු සේ පෙනී සිටින කුමරියගේ වෙස් බැන්දුම වෙදැදුරු හමුවේ ගිලිහෙනු ඇත.

වෙදැදුරු විශ්වාස කල හැකිද?

* * *

ඩෙරියස් අල්-සෆීනා වේ උඩු මහලේ ගරාදියට බර දී,  ඉහළ අහසේ වෙනස් වන තරු රටා දෙස නෙත් යොමාගෙන සිටියේ ය. ඉතා සුදුමැලි වතින් සහ කෙසඟ පෙනුමෙන් යුතු ඔහු දකින අපරීක්ෂ්‍යාකාරී නෙතක් නම්, රෝගී දුබලයකු ලෙස ඔහුව නිෂ්ප්‍රභා කර හරිනු නියතය.
ඔහුගේ නියම ස්වභාවය කෙරෙහි යම් තරමකට හෝ ඔත්තුවක් දැන ගත හැකි වනුයේ ඔහුගේ තියුණු කල්පනාකාරී බැල්ම දකින කෙනෙකුට ය.
නමුත් දිවා කාලයේ ඔහු එලි පහලියට නොබස් හෙයින් නැවේ මගීන්ට ඔහුව දැක ගත හැකි වුයේ සෙවනැලි රජ වන රාත්‍රී කාලයේ පන්දම් එළියෙන් පමණි.

* * *

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

ප්‍රතිචාර 13 (+add yours?)

  1. මධුරංග
    සැප්. 15, 2012 @ 15:02:24

    මුල ටිකත් කියවලාම කමෙන්ට් එකක් දාන්නම්…
    කතාව ලස්සනයි වගේ !

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Chandi
    සැප්. 15, 2012 @ 16:35:58

    හරිම ලස්සනයි අමා කතාව. තාම මම කොටස් කීපයක් විතරයි කියෙව්වෙ. පස්සෙ කමෙන්ටුවක් දමන්නම් ඒ ටිකත් කියවලාම.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. praveena
    සැප්. 16, 2012 @ 00:40:46

    කතාව වෙනත් පාරක ගමන් කරනු පේනවා. ඒ වෙදැදුරා දුෂ්ටයෙක්ද? දැන් නම් පපුව ගැහෙන්නට පටන්ගෙන ඇත. අර කට්ටිය ඉල්ලනවා වගේ ඉක්මණින් ඇක්ෂන් එනවද? 🙂

    ම්ම්ම්ම්………නිල් පාට ඇස් ඇති හේවායා කෙතරම් සුන්දර හැඳින්වීමක්ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. arunishapiro
    සැප්. 18, 2012 @ 00:58:14

    නැව්පතියාට අල්ලසක් දීලා නැඟපු එක්කෙනා හුළඟකට වත් ගහගෙන ගිහින් මුහුදට වැටේවි ද? 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  6. Nish
    සැප්. 19, 2012 @ 06:18:56

    හේවායට පිටි උරේ ගෙනියන්න අමතක වෙලාද කොහෙද:)

    මේක ඉක්මනට ලියනවකො වදේ:)

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. අමා
    සැප්. 19, 2012 @ 06:21:48

    ඔව් අප්පා…නැත්තම් අර කුමාරිට කන්ට බැරුව ඉඳිද්දී ඒ පිටි වලින් ඉස්පන්චි යක් වත් හදා දෙන්ට තිබුන නෙව !

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  9. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: