මැදියම පිපුණු කුසුමක් – 18

<<මැදියම පිපුණු කුසුමක් – 17



වියලී ගිය දෙතොල් සහ ගිලාගිය දෙනෙත් රෝගී යුවතියගේ මුහුණට ගෙන දුන්නේ මලානික බවකි. ඇයගේ දිගු කෙස් වැටියේ අවුල් හැර පීරමින් සිටි උත්තුංග දේහ දාරී තරුණයා නම් කිසි විටෙකත් ඔහු කියූ පරිදි තරුණියගේ සොහොයුරා නොවන බව වෙදදුරුට පසක් වී තිබිණි.

“බය වෙන්ට කාරී නැහැ…මේ දරුවා ගේ ඇඟට හරියට කෑමක් වැටිලා නැති නිසා උණ අල්ලලා හිටින්නේ…මුහුදු මත සැරේට දැනෙන ඈයෝ ඉන්නවා. මේ දැරිවි ත් එහෙම කෙනෙක්…ඒකට මම දෙන්නම් පොඩි බෙහෙතක්…වමනේ ගතියයි හිස කැරකිල්ලයි ඇරිලා යන්ට. වැදගත්ම දේ මේ දැරිවි ට ඇඟට පණ එන්න ටික ටික කෑම දෙන එක.”
ශ්වේත වර්ණ දිගු යටි රැවුල අතගාමින්, හේවායාට උපදෙස් දෙන වයෝවෘධ වෙදැදුරු ගේ කාරුණික වදන් කුමරියට ගෙන ආවේ සහනයකි. හේවායාට ගිලන් වූ තමාට නිතර දෙවේලේ උපස්ථාන කිරීමට සිදු වීම පිලිබඳ ඇය සිටියේ කනස්සල්ලෙනි.

ආපසු යාමට හැරුණු වෙදැදුරු මදක් නැවතු හේවායා යමක් කීමට තැත් දරන බවක් පෙනිණි. වෙදැදුරු සිහින් සිනාවක් පෑවේය.
“දරුවා…නුඹ ඔය කීම ට හදන්නේ මේ දැරිවි යක් ය කියල නැවේ කාටවත් කියන්ට එපා කියල නේද? ඒ ගැන කලබල වෙන්න එපා පුතා. තරුණ දැරිවියෝ මේ වගේ නැව් ගමන් වල කැඳව යනකොට හැමෝම කරන දෙයක් ඔය. ඔය දරුවොන්ගේ රහස සුරක්ෂිතයි”

* * *

ඔහු ට අවැසිව තිබු තොරතුර ලැබිණි. සැකය නිවැරදි ය.
කහවණු පොදියක් හුවමාරු විය.
වෙදැදුරු කහවණු ගණන ගැන හමාර කර හිස ඔසවද්දී කාල වර්ණ උඩු රැවුල් කරු අතුරුදන් වී සිටියේය.

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

ප්‍රතිචාර 17 (+add yours?)

  1. Nish
    සැප්. 19, 2012 @ 06:28:05

    //හේවායාට ගිලන් වූ තමාට නිතර දෙවේලේ උපස්ථාන කිරීමට සිදු වීම පිලිබඳ ඇය සිටියේ කනස්සල්ලෙනි.//

    හුහ්…….! කනස්සල්ලෙනි……

    අනෙ මගෙ කට…!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. praveena
    සැප්. 19, 2012 @ 07:45:34

    අහෝ මා හිතුවා සේම වෙදැදුරා දුෂ්ට වෙලා නේද? දැන් නම් සීට් එකෙන් වැටෙන්ටයි යන්නේ. ඒ මහල්ලාගේ දුෂ්ට චේතනාවට ඉඩ නොදෙනු මැන සොහොයුරිය… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. ravi
    සැප්. 19, 2012 @ 12:12:17

    සික්…මහ මෝඩ වෙදෙක් නෙව…රහස කාටවත් කියන්නෙ නැතුව ඉන්න නිකම් නම් බෑ ගොයියෝ කියල මේ හේවා බුවාගෙනුත් ගානක් කපා ගන්ට නෙව තිබුණෙ…..

    / කාල වර්ණ උඩු රැවුල් කරු /

    කළු උඩු රැවුලක් තිබුනු පොර සිංහල නේද?…මිනිහගෙ නම කරු නිසයි ඇහුවෙ…කරුණාතිලක ද කරුණාරත්නද? 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      සැප්. 21, 2012 @ 07:10:55

      ඔතන වැඩේ වරද්දා ගත්තේ හේවායා. එයා දැන ගන්ට එපාය වෙදා ට ඔය මොනා හරි දෙන්න. නැත්නම් අඩු ගානේ දෙන්න පොරොන්දු වෙන්න. හේවාය ඔය කාලේදී ඔය සුත්තර දන්නේ නෑ නෙව.

      //කළු උඩු රැවුලක් තිබුනු පොර සිංහල නේද?…මිනිහගෙ නම කරු නිසයි ඇහුවෙ…කරුණාතිලක ද කරුණාරත්නද? //
      නෑ නෑ මෙයා කරු. ඇයි දන්නේ නැද්ද? අර ‘කරු ආවොත් පායයි හිරු’? අන්න එයා

      ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Chandi
    සැප්. 19, 2012 @ 16:06:40

    වෙදා මහ මෝඩයෙක් නොවැ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    සැප්. 20, 2012 @ 03:24:07

    මොකෝ මේ කොටස මේ හැටි දිග?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. ravi
    සැප්. 20, 2012 @ 04:42:10

    අඩේ, අහන්ටමයි කියල හිටියෙ, මතක බැරිඋනා නෙව…

    අනේ, මයෙ අම්ම..උඹට මොකවත් අසනීපයක් එහෙම නෑ නේද?…සික්, මයෙ හිත නිකං අකම්පාල වෙලයි තියෙන්නෙ…අමුත්තක් මොකවත් එහෙම දැනනව නං විජහට ගනිං බේතක් හේතක් හොඳද?

    නෑ මේ දවස් හතරක් ඇතුලත පෝස්ට් දෙකක් ලියපු නිසයි අහල බලන්ට හිතුවෙ 🙂 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. arunishapiro
    සැප්. 20, 2012 @ 12:21:07

    ලොව බිහි වූ දා සිට හුවමාරු වෙන ඔය කහවණු පොදිය කොයිතරම් අබැද්දි කර ඇත් ද?!!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. අමා
    සැප්. 21, 2012 @ 07:15:53

    කහවනු පොදිය ටත් වඩා මිනිස් තණ්හාව නිසා නේද අක්කේ…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  10. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය
  11. මුහුදු කොල්ලකාරයා
    ඔක්. 11, 2012 @ 10:35:57

    ගොඩ කාලෙකින් ආවෙ. මේක දිගට ගිහිල්ල නෙව. අර බක්කරේ කතාව තේරුනේ නෑනෙ 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: