මැදියම පිපුණු කුසුමක් – 19

<<මැදියම පිපුණු කුසුමක් – 18

කුටියට ආ හේවායා සිය කර වටා දැවටු සාලුව ගෙන බිත්තියේ එල්ලුවේය. ඔහු එන තෙක් බලා සිටි කුමරිය ඔහු වෙත දිව ගොස්, ඔහුගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුයේ සෙනෙහසිනි. ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය.

සිය පෙම්බරයාගේ ගතෙන් නැඟ එන සුවඳ මෙන් වෙන කිසිවක් ළඳකගේ සිත උණුසුම් කරයිද?
“සීදේවි …”
එහෙත් හේවායාගේ ස්වරයෙහි වුයේ කණස්සල්ලකි.
“මම අර වෙදා ගැන ඇහැ ගහගෙනයි හිටියේ…මිනිහා කහවනු වලට කෑදරය කියල මට අහන්ට ලැබුනා නැවේ මිනිස්සුන්ගෙන්..”
“කහවණු වලට කරන්ට බැරි දේවල් බොහොම හිඟයි මැණික. අපි ළඟ කහවණු නැහැනේ…ඉතින් වෙදරාළ මුකුත් කරනවා දුටුවද?”
“මම එහෙමම දුටුවේ නැහැ සීදේවි…ඒත් ළඟකදී පටන් මිනිහා අතේ කහවණු ගැවෙසෙනවා ය කියලයි තැබෑරුමේ කියන්නේ. මට සැක ඒ ගැනයි…කොහොම නමුත් කුමරී තවම නැව ගොඩ බිමක් පෙනෙන තෙක් මානයේ නැහැ. ඊළඟ නැවතුම වෙන්න ඕනා බෙරෙනිස්…මිසරයේ…එතෙක් ඔය කොයි එකාට උනත් අපට කිසිත් කරන්ට බැහැ. මොකද අපිව කම්මුතු කරන්ට ඕනා නම් දැනටමත් නැවෙන් ලුහුදට තල්ලු කරන්ට තිබුනා! හඃ… බෙරෙනිස් ලං වද්දී අපි ප්‍රවේසම් වෙන්න ඕනා”

යටි තොල සපා ගත් කුමරිය මද වෙලාවක් කල්පනා කළාය. වෙදැදුරා ඔවුන්ව පාවා දුන්නා නම්, නැවේ ගමනාන්තයට ළඟාවීමට පෙර, ඒ කා හට දැයි සොයා ගත යුතු ය.
රජ වාසල ජීවිතයෙන් ඇය එක් දෙයක් උගත්තා නම්, ඒ කහවණු පුරඟන න් වෙතට ද, පුරඟන සියලු රහස් වෙතටද මග පෙන්වන බව ය. නෞකාවේ පුරඟන න් අතලොස්සකි. එහෙත් ඔවුන් හමුවන්නේ කෙසේද? හේවායා නම් තමා එවන් එකියක හා ගැවසෙනවාට තදින් විරුද්ධ වනු බව ඇය දත්තා ය.

එහෙත් මේ ඔහුට කළ හැක්කක් නොවේ. තමාම කළ යුත්තකි.

<<මැදියම පිපුණු කුසුමක් – 17

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

ප්‍රතිචාර 6 (+add yours?)

  1. arunishapiro
    සැප්. 21, 2012 @ 16:01:29

    තමා ම කළ යුතු දේවල් … ඒවා තමයි ලෝකෙ වැඩි!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ravi
    සැප්. 21, 2012 @ 19:32:45

    අම්මට වූඩු…අමා ඒ පාර දෙනව කපුව පරල වෙලා වගෙ…යකෝ ඔහොමත් ලියන්ට එපා බං…අපිත් මේ රාජකාරියක් කරන ගමං මෙව්ව කියවන්නෙ…උඹ හිතුවය අපි Professional Metropolisoflove Readersලය කියල…

    එක අතකට කිව්වය කියල වැඩක් ඇතෑ…බබලත්තුංගෙ උපංගෙයි ගතිය නෙව…මධ්‍යම ප්‍රතිපදාවක් කියල එකක් ගෑවිලාවත් තියේය…

    / ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය. /

    කෝ බං අර යකා දැං පිටි උරේ යන යන තැන කරගහගෙන යන්නෙ නැතුවා වත්ද?

    ඒත් අර මොකෝ ඒ පාර පත්තක් අරගෙන යන්නෙ?….රොටි, පරාට, නාන්, කිඹුලො හැදිල්ල පාඩුයි කියල දොදොල් හැඳිගාන්ට වත් හිතාගෙනද ඉන්නෙ හේවාය කුමාරිත් හවුල් කරගෙන මිසරෙ දිහාවෙ?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. praveena
    සැප්. 22, 2012 @ 02:14:33

    //ඔහුගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුයේ සෙනෙහසිනි. ඔහුගේ පිටි උරපත්තේ මුහුණ හෙවු ඇය ළය පිරෙන්නට දිගු හුස්මක් ගත්තාය.//

    දැන් මේ බඳ වටා අත් යවලා තියෙන්නේ, පිටිපස්සෙන්ද? මට මේ පිටි උරේ කතාව තේරෙන්නේ නෑ.

    //සිය පෙම්බරයාගේ ගතෙන් නැඟ එන සුවඳ මෙන් වෙන කිසිවක් ළඳකගේ සිත උණුසුම් කරයිද?//

    හපොයි අමා Boss eau de toilette and aftershave දාගෙන ඉන්න වෙලාවක නම් කමක් නෑ.
    හී හී just kidding yaar….. 😀

    කතාව දැන් නම් නියමෙට ගලා යනවා… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Chandi
    සැප්. 22, 2012 @ 12:21:08

    තමාම සොයා ගන්න තමයි අමා ඕනෙ. හරිම ලස්සනට ගලා යනවා කතාව.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: