මැදියම පිපුණු කුසුමක් – 20

<<මැදියම පිපුණු කුසුමක් – 19

කෙමෙන් ගෙවී යන මැදියම් යාමයේ නැව් කවුළුව තුලින් ගලන සඳ එළියෙන් නැහැවුණු ෆරීදා ගේ සිරුර දෙස ඔහු බලා සිටියේය. ඒ දුටු ෆරීදා ගේ මුහුණෙහි ඇඳී ගියේ දැකුම්කලු සිනහවකි.
දහසක් පිරිමි නෙත් හමුවේ නිරුවත් වන ඈ හට ඒ සියල්ලම හුදු ගැනුම්කාරයින් පමණි.
එහෙත් ඔහුගේ කල්පනාකාරී බැල්ම හමුවේ සියොලඟම සියුම් කිතියකින් කළඹෙන්නේ මන්ද යයි ඇයට තේරුම් ගත නොහැකි විය.


“දන්නවද…” ඇය මේ අර අඳින්නේ කුමක් හෝ ඕපා දුපයක් කියන්ට බව ඔහුට දැනුනි.
ඈ නොදනිතත් ඔහුට ඕපාදුප වැදගත් ය.
“අද අලුත් කෙල්ලක් ඇවිත් තැබෑරුමේ හොර ගල් අහුල අහුල හිටියනේ. මා ව අහල. ඔය එන්නේ මොකටද කියල මන් නොදන්නවය. හඃ වැඩ ඉල්ලගන්ට තමයි! ආයේ දෙකක් නෑ! හැබැයි හරි ලස්සන කෙල්ල”
ෆරීදා මුදා හල දිගු කෙස් කළඹ අතරින් අතැඟිලි යවමින් අවුල් හරින්නට පටන් ගත්තද කතාව නැවත් වුයේ නැත.
“අර අන්තිම වරාය මොකද්ද? මේ ඇත්තෝ නැව් නැග්ගේත් ඒ රටෙන් වෙන්ට ඕනේ..ආන්න එහෙන් ආපු එකියක් වාගේ මට නම් හිතුනේ කතාවෙන් පෙනුමෙන්. හා මෝඩ කෙල්ල! මගෙන් අහනවා මෙහි යන එන අය ගැන…..ඈගේ සොහොයුරා මෙහි යන එනවද කියල දැන ගන්ට ලු ඕනා. ..අර වෙදදුරා ලු ඈට කීවේ ඔහු මා ලඟට එන වග…වෙදදුරා! හඃ අනේ මගේ කට! “


මෙතෙක් වෙලා අඩ සිහියෙන් මෙන් වෙසඟන ගේ දෙඩවිල්ල ට සවන් යොමා සිටි ඔහු, ‘වෙදදුරා’ නම ඇසුණු විගසින් සම්පුර්ණ අවධානය ඇයගේ ‘ඔපාදුපය’ ට යොමු කළේය.
“ඉතින්…මට තේරුනා මෑට මා ළඟ වැඩ කරන්ට ඕනි වෙලා මේ බොරුවට දොඩනවා කියල. නැතිනම් වෙදදුරා කොහේ එනවද මෙහෙ! ඒ ඇත්තෝ කීව කිව්ව එක තනිකර මුසාවක් නේ.”
ඔහු මුල් වතාවට සිය හඬ අවදි කළේය. ” ඇයි? වෙදදුරා මෙහි එන්නේ නැතිද?”


ඊට පිළිතුරු වශයෙන් ඈ කලේ හඬ නගා සිනාසීම ය. “ඒ ඇත්තොන්ට දෙන්ට තරුණ ගැටවු ඉන්න එකක්ය මා ළඟ!”


ෆරීදා ගේ සමච්චල් සිනහවට ඔහුද හවුල් වුවද වෙදැදුරු ගැන සොයන මේ යුවතිය පිලිබඳ සොයා ගත යුතු බව ඔහු අදිටන් කර ගත්තේ සිය උඩු රැවුල දබරැඟිල්ලෙන් අඹරමිනි.

<<මැදියම පිපුණු කුසුමක් – 18

<<මැදියම පිපුණු කුසුමක් – 17

<<මැදියම පිපුණු කුසුමක් – 16

<<මැදියම පිපුණු කුසුමක් – 15

<<මැදියම පිපුණු කුසුමක් – 14

<<මැදියම පිපුණු කුසුමක් – 13

<<මැදියම පිපුණු කුසුමක් – 12

<<මැදියම පිපුණු කුසුමක් – 11

<<මැදියම පිපුණු කුසුමක් – 10

<<මැදියම පිපුණු කුසුමක් – 9

<<මැදියම පිපුණු කුසුමක් – 8

<<මැදියම පිපුණු කුසුමක් – 7

<<මැදියම පිපුණු කුසුමක් – 6

<<මැදියම පිපුණු කුසුමක් – 5

<<මැදියම පිපුණු කුසුමක් – 4

<<මැදියම පිපුණු කුසුමක් – 3

<<මැදියම පිපුණු කුසුමක් – 2

<<මැදියම පිපුණු කුසුමක් – 1

ප්‍රතිචාර 14 (+add yours?)

  1. arunishapiro
    සැප්. 28, 2012 @ 13:07:26

    Plot thickens!!! Love it 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ravi
    සැප්. 29, 2012 @ 17:22:25

    දැන් නම් ආම්ස් උඹ මගෙ ඔලුව නරක් කරලයි පස්ස බලන්නෙ…..අඩේ බං මේ එක දවසට එකා එකා කතාවට දාන්ට ගියාම අපි කොහොමෙයි ඔව්ව මතක තියාගෙන ඉන්නෙ?

    1. නැව්පතියාට අල්ලස් දීමෙන් නැවට ඇතුළු වූ කාලවර්ණ උඩු රැවුල නිතර කරකවන චර පුරුෂයා,

    ඒ එකෙක්,…….එතනිං ගිහාම…

    2. ඉතා සුදුමැලි වතින් හා කෙසඟ පෙනුමෙන් යුත් රාත්‍රි කාලයෙහි පන්දම් එළියෙන් පමණක් දැක බලාගත හැකි ඩෙරියස්,

    දැන් මුං දෙන්නටම තියෙන්නෙ කල්පනා කාරී බැල්මක්…දෙන්න නිවුන්නු වත්ද බොලේ?

    තවත් සුට්ටි කේස් එකක් තියනව…දැං අර කුමාරි වෙස්වලාගෙන නෙවද ඉන්නෙ කොල්ලෙක් වාගෙ…ඉතිං දැං උන්දැ ඔය ෆරීද හම්බ වෙන්න ගියේ ඒ වෙස් මාරුව නැතුව නේද?…ඉතිං ඔහොම එක වෙලාවකට කොල්ලෙක් වාගෙයි ආය හිතුනම කෙල්ලෙක් වාගෙයි ඉන්ට ගියාම වැඩේ අතේ කෝට් වෙන්නෙ නැත්ද හැබෑටම?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      ඔක්. 11, 2012 @ 13:22:40

      නහි නහි වේ ජුද්වා නහි හේ
      [මාත් අර ඉන්දියන් බියුටි වාගේ කතා කරන්ට බැලුවේ]

      ඒක ඇවිදින් මෙහෙමයි..දැන් කුමාරි දෙලෝ රත් වෙලානේ ඉන්නේ. දැන් රහස එලි වෙලා කියල බයයි. ඉතින් ඒක අතකට දැන් “she has nothing to lose”. තව අතකට බැලුවොත්…ෆරීද ට කියන්නේ නෑනේ එයාගේ ඇත්ත තොරතුරු. ඒ කිව්වේ කුමාරි කියන්නේ නෑනේ එයා අහවල් කැබින් එකේ හේවාය එක්කල වෙස් වලන් ඉන්න කෙනා කියල. ෆරීද එයාව එහෙම කොලු වේශෙන් දැකල නැහැනේ.

      තීක් හේ ?

      ප්‍රති-පිළිතුරු සැපයීම

  3. praveena
    ඔක්. 03, 2012 @ 05:33:05

    අනේ අර කොල පැහැ ඇස් ඇති හේවායා…අමාරුවේ වැටුනා නේද? 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Chandi
    ඔක්. 07, 2012 @ 11:36:19

    හරිම ලස්සනයි අමා. මේ දඹරැඟිල්ලෙන් උඩු රැවුල කරකවන පුරුද්ද අපේ යටියන්තොට හිටිය මාමාටත් තිබ්බා. ඔන්න ඒකත් මතක් උනා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. මුහුදු කොල්ලකාරයා
    ඔක්. 11, 2012 @ 12:03:26

    ඔය ළමය Game of Thrones වත් බලනවද? මේකෙ කොටස් ඉක්මනට දානවද? නැත්තන් එක්කො තව අවුරුද්දකින් විතර ඇවිත් ඔක්කොම කියවන්නං 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. මුහුදු කොල්ලකරයා
    ඔක්. 18, 2012 @ 16:22:33

    කියල වැඩක් නෑ. මම බලපු හොඳම TV සීරීස් එකක්. අපි නං ඉතින් කැපුවත් Stark !! 😀 හැබැයි Lannister ල ගෙන් මම කැමතිම ටිරියන් තමා. සමාජ සම්මතයට අනුව දුර්වලයෙක් වෙන්න ඕන චරිතයක්, කතාවෙ ප්‍රභල චරිතයක් කරල තියෙන හැටි අපුරුයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. මුහුදු කොල්ලකාරයා
    සැප්. 16, 2013 @ 09:43:10

    මේ දෙන්න තාම මුහුද මැද්දෙද?? දැන් ලෝකෙ වටේම ගිහිල්ල එන්නත් කාලෙ හරි! :-S

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. Trackback: මැදියම පිපුණු කුසුමක් – 21 | ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: