මේ මොකද්ද?
කතන්දර කියන්නේ පුදුම දේවල්. කතන්දරයක අයිතිය තියෙන්නේ කාටද? ඒක කියන කෙනාටද? නැත්තම් ඒක අහන කෙනාටද?
කවුරු හරි කතාවක් කිව්වම ඒක අහන කෙනාගේ හිතේ මැවෙන්නේ ටිකක් වෙනස් වෙච්ච එයාටම අනන්‍ය කතාවක්. කතා පොතක් කියවල විඳින රසය එකේම චිත්‍රපටිය බැලුවම එන්නේ නැත්තේ ඒකයි.
ඉතින් මේ ලියන්න යන කතාව උනත් එහෙමයි. මේකේ අයිතිය මටද? ඔබටද?
මගේ කතාව ඔබේ කරන් රස වින්දොත් ඒක ඔබටම අයිති වේවි. අනික මම මේ ලියන්නේ මගේම කතාව නොවෙන්නත් පුළුවන්. බාගවිට මේක ඔබේ කතාව වෙන්නත් පුළුවනි.
එහෙනම් එන්න මාත් එක්ක කතන්දර ගමනක…!
සැප්. 12, 2010 @ 17:12:54
syndiya [kottu] paththe ava paara oya maattu una. maath mahge blogs syndiyata daa ganna hadanne.
hungak honda blog ekak weyi wage. interesting. digatama liyanna
සැප්. 15, 2010 @ 20:11:43
හ්ම්ම්ම් ඔව් ඇත්තටම ඔබ ලියන දේ ඔබේ ම කතාව නොවී වෙන කෙනෙකුගේ කතාවක් වෙන්නත් පුළුවන්..
ඉතිං ලියන්න… කියවන්න අය ඉඳීවී
අප්‍රේල් 23, 2011 @ 04:06:04
කතන්දර කියන්නේ පුදුම දේවල්.
I agree…!!!