ඉපැරණි මතක මතින් හමන රුදුරු සුළං පාරවයි හදවත කලතමින් රොන්මඩ දිවි ගඟේ... බොළඳ කඳුලැලි ගලා පලා යන හැමවිටම පසුපසින් පැමිණ මා තදින් වැළඳගනු මැන, පෙම්වත.
හඹා එනු පිණිස!
18 මැයි 2017 ප්‍රතිචාර 8
in කවි
උඹ මට අකුරු ටිකක් නෙවේ…ඒත්…
23 මැයි 2012 ප්‍රතිචාර 11
in කවි
කිරිකැටි පුතා ගල් පොත්තක හිර කරලා…
මේ අකුරු පෙලකින් කොහොමද
උඹේ හිනාව දකින්නේ?
ඒත් මං උඹව හොයනවා
ගල් අකුරක කොණක
උඹේ සුවඳ පොදක හෙවනැල්ලක් හරි
හැංගිලා ඇති කියල මට හිතෙන නිසා.
ඒක මට වටිනවා…
Listen to this song : Where have all the flowers gone? by Pete Seeger
හඳ විතරයි මගේ තනියට
05 ඔක්. 2011 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in අමුතු කතා/පරිවර්තන/අනුවර්තන, කවි, මනස්ගාත
ලොකු ලොකු දේවල් සිදුවෙන
රටේ ලෝකේ බයත් හිතෙන
පොඩි කෙල්ලෙක් නෙවෙයිනෙ මං
ලොකු ළමයෙක් ඇත්ත තමයි
ඉතින් ඕක ලොකු දෙයක්ද
මාව දාල නුඹ ගියාට
ඒ උනාට
හිතෙනවා මට
පාළු දැනෙයි හරි සැරේට
හඳ විතරයි මගේ තනියට
සරත් කාලේ ළඟ ළඟ එන
කොළ කහ වී වැටෙන හැටී
ටික ටික සීතල වෙනවා
මගේ හදවත වගෙ හරියට
වැහි බිඳු එක දෙක වැටෙන්නෙ
කඳුළු මගේ වැටෙන ලෙසට
සිද්ද උනේ මොකද කියල
අනේ කියා දෙනවද මට
නුඹේ තුරුලේ සැතපීලා
උණුහුම දැනුනත් රස්නෙට
දෑස් හැරුණු විට තේරේ
සිහිනෙකි ඒ නුඹ නැත ළඟ…
Big Big World ගීතයේ පරිවර්තනයකි ~
බහු වරණ ස්නේහය
20 ඔක්. 2010 එක් ප්‍රතිචාරයක්
in කවි
කියල දෙනවද අපි දෙන්න අතරේ
තියෙන බැඳීම මොකද්ද කියල?
හැම දෙයක් ගැනම මහ ලොකුවට
කියවන පණ්ඩිතය නේ …
හැම දේටම හිනාවෙවී
මාවත් හිනාගස්සපු මගේ විකටයා
ඇයි අද මුකුත් නොකිය
මා දිහා බලා ඉන්නේ?
එයාට මම ආදරෙයි.
එතකොට ඔයා?
මම දන්නේ නෑ
ආදරය – රාගය – මිත්‍රත්වය – සහෝදර ප්‍රේමය!
නිවැරදි වචනය යටින් ඉරක් අඳින්න
මේ පේපර් එක නම් මං ෆේල් වෙයි වගේ…
ඔබ නැති නම් මිහිපිට නැත මම
12 ඔක්. 2010 ප්‍රතිචාරයක් ලබාදෙන්න
in කවි
රසබර රහසක බින්දක් පෙන්වා සදහටම අතරමං කලැයි ඔබ නිතරම ගතු කිවු, සැන්දෑ යාමයන් හිඳී තුරු සෙවනකට මුවා වී ඔබ සිප සනසා ලු, නිරතුරු වම ඔබේ රුව සෙවූ, ඔබ මහත් සේ ආදරය කල මගේ දෙනයන … ඉතින් ඔබ ව නොපෙනේ නම් එපා මට. කඳුළු සළනවා හැරෙන්නට වෙන කිසිවක් කරන්නට මේ දෙනෙත් දැන් අසමත්ය.
මුහුදු වෙරළේ සෙල්ලක්කාර සුළඟට රැවටී නිතරම අයාලේ ගිය, ඔබේ අතැඟිලි පහසට පමණක්ම අවනත වූ, පිච්ච මල් සුවඳ දෙන්නේ යැයි කියමින් ඔබ වත සඟවා ගත්, මගේ අකීකරු දිගු අක් බමරු කෙහෙ රැල්… කවර පළක්ද ආදරයෙන් ඇවිත් පැටලෙන්නට නැත්නම් ඔබේ ගත? කපා විසි කර දමන්නට සිතේ මට.
තනිකමින් සිටිද්දී ඔබේ සුන්දර සිත දැක, එක මොහොතින්ම පෙර සසරේ බැඳි සෙනෙහෙ හඳුනාගෙන, ඔබේ තනි අයිතියට පරාන භුක්තියක්වත් නැතිව මා විසින් සපුරා පවරා දුන් මගේ ඉරි තැලුණු හදවත… ඔබත් සමගම අතුරුදන්වී ගොස් ඇත. පපු කුහරයේ හිස් තැනක් පමණක් ඇත. ඔබ යන විට දී යන්නට අමතක උනාද?
ඔබ නැති තුසිතයද මට දුරු කතරකි.
ඔබ නැති සෑම මොහොතක්ම කල්පයකි.
අවදියක් නැති බියකරු සිහිනයකි.
ඇඟිලි ගනිමින් සිටිමි මම
ගමන නිමවී නැවතුම් තිත පෙනෙන තෙක්.