මැදියම පිපුණු කුසුමක් – 15

<< 14කොටස

විදුලි සැරයක් වැදුණු කලෙක මෙන් තිගැස්සුණු කුමරිය වහා සියොලඟම වසා සිටින ස්ත්‍රී රුව දෙස බැලුවාය.
ඇයට සියල්ල අවබෝධ වන්නට ගතවුයේ ක්ෂණයකි. දැන් වහා මේ පරිවාර ස්ත්‍රීන් පලවා හැරිය යුතුය.
ඒ කාර්යයේදී ඇයගේ පිහිටට පැමිණියේ ද මාලා ය.


“වෙදැදුරු තුමන්ගේ අණට අනුව, මේ බෙහෙත් ආලේප කරන වෙලාවේදී  අපට යහන ගැබෙන් පිටව යන්ට ඕනා”
නොදන්නා යෝනක ස්ත්‍රියක් සමඟ සිය රජ කුමරිය තනි කර යාමේ මේ අමුතු අණ පිලිබඳ අනෙක් ස්ත්‍රීන් දෙදෙනා ගේ ප්‍රසාදයක් නොවන බව ඔවුන්ගේ මුහුණෙන් පෙනින.


“අප තිදෙනාම නැතිව මේ ගොළු ස්ත්‍රිය සමඟ රජ කුමරිය තනි කරන්නට නොහැකියි මාලා. ඇරත් මෑ සමඟ ගොළු භාෂාවෙන් කතා කරන්ට දන්නේ නුඹයි. එසේ නම් නුඹ මෙහි සිටිද්දී අප දෙදෙනා යහන ගැබෙන් පිට රැඳෙන්නම්”


අවසන මාලා රැඳී සිටියදී අනෙක් දෙදෙනා පිටව ගියහ.
එතෙක් කුමරිය සිටියේ දැඩි නොඉවසිල්ලෙනි.
එතෙක් නිසලව සිටි යෝනක ස්ත්‍රිය, දොර වැසුනු විගස මාලාට යහන් ගැබේ කෙළවර වූ සඳලු තලය වෙතට යන ලෙසට සන් කලාය. මාලා සිය දර්ශන පථයෙන් වසන් වූ වහාම, මෙතෙක් වෙලා සැරසී සිටි දිගු ලෝගුව ගලවා ඉවතට විසි කල හේවායා, ඒ වනවිටත් කඳුළු වගුරවමින් සිටි සිය ආදරිය වැළඳ ගති.


“මගේ රන්!…මම…මට…”
“ෂ් ෂ්…දැන් නාඩා ඉන්න සීදේවි”
“මට මෙහෙම ඉන්ට බැහැ මගේ දෙයියෝ…මාව මෙහෙන් අරන් යන්ට!”


සිය පෙම්බරිය මෙසේ සිය බාහු වලට මැදිවී, සිය උරහිසෙහි ඇගේ හිස ඔබා ගෙන, ඇය රැගෙන යන්න යයි කියද්දී සසල නොවෙන ලෙයින් මසින් සැදුනු පෙම්වතෙක් සිටීද?


එහෙත් හේවායා සිය සිතෙහි ඇතිවුණු කම්පනය ඇයට පෙන්වුය නැති.


“මගේ සීදේවි…මේ අහගන්න. දැන් මේ කියන දේ හොඳින් අහගන්න…මගේ කුමාරි…ඔය කඳුළු පිහාගෙන මා දිහා බලන්ට…කුමාරි…මේ තීරණේ වෙනස් කරන්න තියෙන අන්තිම අවස්ථාව. මා දිහා බලල කියන්න මේ රජ සම්පත් සියල්ල අත හැරලා, නිකම්ම නිකම් පර දේශක්කාර හේවායෙක් එක්කල යන්ට එනවද?”


කුමරිය තුෂ්නිම්භූතව ඔහු දෙස බලා සිටියාය. ඔහු තමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන බැව් පෙනුනි.


“නැහැ” කුමරිය සෙමින් පැවසුවාය.


මේ හේවායා අනපේක්ෂිත පිළිතුර බව ඔහු තිගැස්සුණු අයුරින් පෙනුනි. එහෙත් කුමරිය තවත් කතා කරයි.


“නැහැ…මම යන්නේ නිකම්ම නිකම් හේවායෙක් එක්ක ල නොවෙයි. කියන දේ කරන, කරන දේ කියන, එඩිතර රණ ශුරයෙක් සමඟයි”


“දැන ගන්න කුමාරි…මේ හේවායට දැසි දස්සන්, මිල මුදල් නැහැ. රජ සැප දෙන්න බැහැ. ඒත් හේවාය එක්ක යනවද?”

“කුමාරිගේ රාජ සම්පත්තිය ඇත්තේ හේවාය ලඟයි”


“කුමාරි ආදරේ කරන මේ හෙළ දීපේ දාල යන්ට වේවි. සීතල රටකට නැව් නගින්ට වේවි”
“කොහොමත් කුමාරිට හෙළ දීපෙන් යන්ට වෙනවා. සීතල රටේදී හේවාය ළඟ ඉන්නා තුරා කුමාරිට සීතල නැති වේවි”


මෙතෙක් වෙලා දැඩි ස්වරයෙන් කතා කල හෙවයාගේ මුහුණට මන්දස්මිතයක් පහල වන්නේ මෙවිට ය.
“එහෙනම් මගේ සීදේවි. එන්න. අපි යමු”


“මේ දැන්?”


“….ඔව්!”

ප්‍රතිචාර 20 (+add yours?)

  1. praveena
    මැයි 30, 2012 @ 20:04:00

    //“මගේ රන්!…මම…මට…”
    “ෂ් ෂ්…දැන් නාඩා ඉන්න සීදේවි”
    “මට මෙහෙම ඉන්ට බැහැ මගේ දෙයියෝ…මාව මෙහෙන් අරන් යන්ට!”//
    හිත ස්නේහයෙන් පුරවන මෙහෙමත් දෙබස්….:)
    දැන් ඉතින් දෙන්නා යන්ට හදන්නේ සීතල දේශයකටද?
    මේ කතාව සතුටින් කෙලවර වෙයිද?

    ඉකමන්ට කියන්ට අමා…

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      මැයි 31, 2012 @ 23:36:33

      //හිත ස්නේහයෙන් පුරවන මෙහෙමත් දෙබස්….:)
      නැතුව නැතුව… මේ වියමනේ නමට ගැලපෙන්න තියෙන්ට එපාය.

      //මේ කතාව සතුටින් කෙලවර වෙයිද?
      හ්ම්ම් බලමුකෝ පොඩ්ඩි. මේ විදිහේ දෙන්නෙකුගේ කතාව සුඛාන්තයක් වේවි කියල හිතෙනවද?

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Nish
    මැයි 31, 2012 @ 10:09:18

    //“කොහොමත් කුමාරිට හෙළ දීපෙන් යන්ට වෙනවා. සීතල රටේදී හේවාය ළඟ ඉන්නා තුරා කුමාරිට සීතල නැති වේවි”//

    මේ හේවා රාළත් අර ඇගෙන් ගිනි පිටවෙන ජාතියෙ අමුතු සත්වයෙක්ද කොහෙද?:)

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. ටොමියා
    මැයි 31, 2012 @ 11:45:20

    “දැන ගන්න කුමාරි…මේ හේවායට දැසි දස්සන්, මිල මුදල් නැහැ. රජ සැප දෙන්න බැහැ. ඒත් හේවාය එක්ක යනවද?”

    නැතුව, නැතුව මගේ හේවායගෙ “පිටි උරේ” තියන කං මට වෙන රජ සැප මොකටද?

    ඒක මිසක්. කුමාරි කන්න කැමති මොනවද? කිඹුල බනිස්ද? මාළු පාන් ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      මැයි 31, 2012 @ 23:42:59

      හඃ මෙන්න බොලේ බලු රාලෙකුත් ඇවිත්.
      එයා කැමති ඔය එකකටවත් නෙවෙයි. එයා ට ඕනි ඒ ‘පිටි උරේ’ ට රස්නෙට සැපට තුරුළු වෙලා ඉන්ට. ;P
      (හැබැයි දුන්නොත් ඔය ඉස්පන්චි, ඥාන කතා එහෙම නොකා ඉන්නෙත් නැහැ)

      ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Shanthi Chandrasekera
    මැයි 31, 2012 @ 17:48:40

    kohomada ane yanne amma thaththa dala? matath oyadema danuna. kohomahari kamaththa gaththa anthimedi eth meka ehema baha neda ? lassanai

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. අමා
    මැයි 31, 2012 @ 23:44:36

    එහෙමනම් ඔයා අන්තිමේදී වාසනාවන්ත උනා!
    ඔව් කුමාරිට ගොඩක් අමාරු තීරණයක්! ඒත් සමහර අවස්ථා වලදී එහෙම තීරණ ගන්නත් වෙනවා…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Trackback: මැදියම පිපුණු කුසුමක් – 16 « ස්නේහයේ නගරය
  7. ravi
    ජුනි 02, 2012 @ 09:43:40

    / වහාම, මෙතෙක් වෙලා සැරසී සිටි දිගු ලෝගුව ගලවා ඉවතට විසි කල හේවායා, ඒ වනවිටත් කඳුළු වගුරවමින් සිටි සිය ආදරිය වැළඳ ගති. /

    හාපෝ බං අර යකා එතකොට අමු………..සික් මට කියන්ටත් සිරිකිතයි ඉතුරු ටික…. 😦 😦

    උඹ දැං එන පොට හොඳ නෑ බොල..මේ කතාව Classify කරන්න වෙන්නෙ (R 18+) RESTRICTED විදිහට… 🙂 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  8. එලිෆාස්
    ජුනි 02, 2012 @ 13:22:13

    අෆ්ෆා මේ සැරේ නං ඉක්මණට ලියලා. මෙයාලා මැරෙනවා ද? ඉක්මණට ලියන්ඩෝ

    ප්‍රති-පිළිතුරු සැපයීම

  9. මුහුදු කොල්ලකාරයා
    ජුනි 05, 2012 @ 06:16:58

    මේ යන විදිහට මේ කතාව අපිත් කියෝල, අපේ ළමයිනුත් කියෝල, කවදහරි මුනුපුරන්ටත් කියන්ට වෙයි ‘කොලුවෝ බලහං අමා ආච්චි අලුත් පොස්ට් එකක් දාලද කියල මෙට්ටෝපොලිටන් බ්ලොගේ ‘ කියල 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අමා
      ජූලි 25, 2012 @ 06:10:17

      ඉතින් හොඳයි නෙව මුහුදු. ඔයයිට ජීවිතේ නහින දෙහින කාලේ ආතල් එකේ කියෝලා ඉන්ට බැරිය.
      මේ එක නෙවි, මොකද්ද අන්න ඔයා ගැන දුෂමාන කමෙන්ට් එකක් දාල පොඩ්ඩි ඊළඟ පොස්ට් එකේ. ඔයයි කුමාරිව පැහැරගන්නව ද මොකද්ද කියල. මන් ඒත් කිව්වා මුහුදු ඒ වගේ වැඩ කොරන්නේ නැත කියල.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  10. Trackback: මැදියම පිපුණු කුසුමක් – 16 « ස්නේහයේ නගරය
  11. Trackback: මැදියම පිපුණු කුසුමක් – 17 « ස්නේහයේ නගරය
  12. Trackback: මැදියම පිපුණු කුසුමක් – 18 « ස්නේහයේ නගරය
  13. Trackback: මැදියම පිපුණු කුසුමක් – 19 « ස්නේහයේ නගරය
  14. Trackback: මැදියම පිපුණු කුසුමක් – 20 « ස්නේහයේ නගරය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: